Wednesday, June 17, 2009

we are human

වැලිකඩ බන්ධනාගාරයේ 1,700 කට ඇති ඉඩ පහසුකම් යටතේ 6,046 දෙනකු රඳවා සිටින බව ඊයේ (16) හෙළිවිය. මෙම පිරිසෙන් 4000 ක් සිරකරුවන් වන අතර 2046 දෙනකු විවිධ චෝදනා මත රිමාන්ඞ් බන්ධනාගාර ගත කර සිටින්නන්ය. අන්තර්ජාතික ප‍්‍රමිතීන්ට අනුව එක් සිරකරුවකු සඳහා තිබිය යුතු ඉතාමත් යෝග්‍ය ඉඩකඩ ප‍්‍රමාණය වර්ග අඩි 540කි. වැලිකඩ බන්ධනාගාරයේ දැනට පවතින තදබදය හේතුවෙන් වර්ග අඩි 540ක ඉඩකට අටත් දහයත් අතර සංඛ්‍යාවක් රඳවා සිටිති.ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල 400%ක් තරම් අධික තදබදයක් පවතින බව අධිකරණ හා නීති ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි. නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් වී.ආර්. සිල්වා මහතා ඊයේ (16) වැලිකඩ බන්ධනාගාරයේ කරන ලද නිරීක්ෂණ චාරිකාවකදී මෙම කරුණු අනාවරණය විය.

No comments:

Post a Comment