Wednesday, June 17, 2009

රටකරනා දේශපේමීහු

ශ්‍රී ලංකා වීරෝධාර හමුදාවන් විසින් දකුණේ ජනයාගේ පොදු ෆැන්ටසිමය අනෙකා* විනාශකළ පසු අපගේ මහරජාණන් වන මහින්ද රාජපස්ස ශ්‍රී මතානන් විසින් දකු‍ණේ ජනතාවට අළුත් අනෙකෙකු සොයා දීමට තරම් කාරුනික විය. ඒ දේශප්‍රේමී දකුණේ බහුතරය සදහා දේශද්‍රෝහී සුළුතරයකි. මෙතැන් පටන් ශ්‍රී ලාංකිකයින් විසින් මුහුණදෙනු ලබන සියළු අසාධාරණකම්, අපහසුතාවන්, හිංසනයන් සදහා මෙම දේශද්‍රෝහීන් වගකිවයුතු යැයි ෆැන්ටසියක් ගොඩනගා ඇත.මේ බෙදාදැක්වීම තුල මාගේ ස්ථානගත වීම කොතැනක දැයි මා මදක් විමසා බැලුවේ කාගේත් හිතසුව පිණිසය. මේ බෙදීම වචනවලට සාපේක්ෂව නොව මාගේ පාර්ශවය හදුනාගැනීම සදහාය.මම• වත්මන් ආන්ඩුව දෙමළ ජනයා එල්ටීටීයෙන් මුදාගත් පසු සියළු සමාජ අසාධාරණයන්ගෙන් ඔවුන් මුදවා ගැනීමට කටයුතු කරනු ලබන අතර, ඒ සදහා දෙමළ ජනයා පීඩාවට පත්වූ ව්‍යූහමය සාධකයන්ට මෙම ආණ්ඩුව පිළිතුරු දෙතැයි විශ්වාස කරන දේශප්‍රෙමී පාර්ශවයට අයත් නොවේ.• දෙමළ ජනතාවගේ අනන්‍යතාව පිළිනොගන්නා , සුළුජාතීන් මහජාතියට යටත්ව සිටිය යුතුයැයි විශ්වාස කරන දේශප්‍රෙමී පාර්ශවයට අයත් නොවේ.• සුනාමි මුදල් ගසා කෑ, පොහොර සහනාධාර ගසා කෑ, දුප්පතුන්ගේ මිල මුදල් වලින් ගසා කන පිරිස හා එකට සිටගන්නා දේශප්‍රෙමියෙකු නොවේ.• කුලියට මිනී මරන, කප්පම් ගන්නන්ට උදව් කරන, දුප්පතුන්ගේ ඉඩම් ගසා කන, කුඩු විකුණා මඩිය තර කරගන්නා දෙශප්‍රෙමීන්‍ සමග එකට සිටගන්නෙක් නොවේ.• එක් පවුලකට රට ලියාදෙන, තමන්ගේ පරම්පරාව රටේ බලය තබා ගැනීමට කැසකවන පිරිසකට එකග වන පිරිසක් හා සිටගන්නා දේශප්‍රේමියෙකු නොවේ.• පාලම් පාරවල් තැනීමට කෝටි ගණන් කොමිස් ගහන, ආයුධ සමාගම් වලට රට විකුණන අයවලුන් සමග එකට සිටගන්නා දේශප්‍රේමියෙකු ‍නොවේ.• මැරුණු කාන්තාවන් දුෂනය කරන, මැරුණු අයගේ කන, කර බඩු හූරා කන , ලැප්ටොප් රත්තරං බඩු හොරෙන් අදින අය හා එකට සිටගත් දේශප්‍රේමියෙක් නොවේ.• පැමිණිලිකාරියන් දූෂනය කරන, දේශපාලුවන්ට දෙකට නැවෙන, සැකකරුවන් මරාදමන පොලිසියක් හා එකගවන දේශප්‍රේමියෙකු නොවේ.• උපාසිකාවන් දූෂනය කරන, පිනට හම්බකර නිකං කකා කෝටිපතියන් වන , බුදුබණ වෙනස්කොට ජනතාව අන්දන බෞද්ධ භික්ෂූන් හා එක්ව සිටගන්නා දේශප්‍රේමියෙකු නොවේ.• බස්එකේ ජැක් ගහන , කාන්තාවන්ගේ කොතැනකටහෝ ඔබන්නට දගලන ස්ත්‍රී පීඩක පිරිමින් සමග එක්ව සිටගන්නා දේශප්‍රේමියෙකු නොවේ.• ඖෂධ සමාගම් වලට අහිංසක මිනිසුන් විකුණන, ලෙඩ නිසා රෝගීන්ව ගසා කන වෛද්‍යවරුන් සමග එකට සිටගන්නා දේශප්‍රේමියෙකු නොවේ.
:::එසේ වුවද අප මහරාජාණන්ගේ මේ බෙදා දැක්වීම නිසා මෙතෙක් මා හා එක්ව කටයුතු කළ සදාදරණීය මිතුරු කැළ මගෙන් දුරස් කළ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් බහුතර සුළුතර බාධයකය දැන් ඉවත් කොට ඇත. ඔවුන් සහ මම දැන් එකම .........තරයකය. එකම පාර්ශවයකය. ඒ සිදුකලාවූ පින් බලෙන්මහින්දයානෝඉපැදෙන ඉපැදෙන ආත්මයක් පාසා නිවන් දැක බුදුන් දකිත්වා..........! සාදු සාදු සාදු
"මේ අවස්ථාව තුල ඇත්තේ පාර්ශවයන් දෙකක් පමණි. ඒ දේශප්‍රේමී සහ දේශද්‍රෝහීන්ය. ඒ අතරමැද අවස්ථාවක් නැත." - මහින්ද රාජපස්සමහින්ද මම ඔබේ නිර්වචනය තුළ මම දේශප්‍රේමියෙකු නෙ‍ාවේ (එසේ වීමට අවශ්‍යද නැත). මගේ නිර්වචනය තුල ඔබද දේශප්‍රේමියෙකු නොවේ.මේ අනුව එහෙටත් නැතිව මෙහෙටත් නැතිව දෙකටම නැමි නැමී සිටි ඔබටද පාර්ශවයක් තෝරාගැනීමට අනිවාර්ය‍ කෙරෙන දේශප්‍රෙමී පාර්ලිමෙන්තු පණත ඉදිරියේදී සම්මත වීමට නියමිතය.

No comments:

Post a Comment