Wednesday, June 17, 2009

නැගඑන බෞද්ධ ගෝති%කවාදය අභියස

සිංහල බෞද්ධ අන්තවාදය රජයේ දැක්ම වුණු රටක දකුණේ සිටින අන් ආගම්වලට ජාතිවලට සෘජුවම තම මූලධර්මවාදී ආධිපත්‍ය පැතිරවීමට ක්‍රියාකිරීමේ ලක්ෂන නැවත වරක් පසුගිය සතිකිහිපය තුළ දක්නට ලැබුණි.
මෙහි එක් සිදුවීමක් වාර්තා වූයේ කොළඹට පිටිසර රක්වාන ප්‍රදේශයෙනි. එහිදී මුත්තුඅම්මාන් නම් කෝවිලේ වාර්ෂිකව හින්දු අළුත් අවුරුදේ පවත්වනු ලබන වාර්ෂික පූජාව ප්‍රදේශයේ ප්‍රබල සිංහල පිරිසකගේ සෘජු තර්ජන හා බලපෑම නිසා පවත්වා නොමැත. එකී පිරිස පවසා ඇත්තේ වෙසක් උළෙලින් පසු එකී පූජාව පවත්වන ලෙසටය. දැනගන්නට ලැබෙන ලෙසට වෙසක් උළෙලින් පසුව වුවද බියට පත් වීම නිසා මෙකී පූජාව පැවැත්වීමට කටයුතු කර නැත.
පසුගිය වෙසක් සමයේ රජයේ එක්තරා කුප්‍රකට ඇමතිවරයෙකු රාජතේජසින් මත්ව මහනුවර සියළු කඩහිමියන්ට බෞද්ධ කොඩි දමන ලෙසට තර්ජනය කර ඇත. විශේෂයෙන් මහනුවර බහුලව වෙළදාමේ නිරත මුස්ලිම් කඩහිමියන්ට මේ තර්ජනය කර ඇත. ඉන්පසුව ප්‍රදේශය භාර නියෝජ්‍ය පොල්ස්පතිවරයාද මේ තර්ජනය නැවත සිදුකර ඇත.
කතෝලික ක්‍රිස්තියනි ආගමික් භක්තිකයින් බහුලව වෙසෙන වැලිවේරිය නගරයේද ප්‍රදේශයේ අන්කවර තැනකටත් වඩා වෙසක් සැරසිලි කර තිබුණේ ආක්‍රමණික ස්වභාවයෙන් බව එහි පිවිසෙන ඕනෑම අයෙකුට දැකගත හැක.
පසුගිය සෙනසුරාදා හවස්වරුවෙහි පිටකොටුව නගරය සිංහ කොඩි වලින් සරසන ලෙස කඩහිමියන්ට පොලිසිය විසින් බල‍කර තිබුනි. එහිදී බහුලව වෙසෙන්නේ දෙමළ කඩහිමියන් වන අතර ඉන් අයෙකු ප්‍රකාශ කළේ තමන් තමන්ගේ නෑ හිතවතුන් හාමතේ මිය යන විට ෂෙල් ප්‍රහාර නිසා අතපය නැතිවන විට ජයගොෂා නගන්නේ කෙලෙසද යන්නයි. එහෙත් 1983දී මෙන් සිංහල බහුතරයෙන් එල්ලවිය හැකි තර්ජනය නිසා තමන් මෙම ජයඝෝෂා වලට සහාය දෙන බවද ඔහු පැවසීය.
සැබැවින්ම මේ අප අත්දකිනුයේ සිංහල බෞද්ධ මූලධර්මවාදයේ දෘෂ්‍යමාන යථාර්ථයයි. මෙය තවත් ව්‍යූහමය වශයෙන් ස්ථාපිත කරන කාරණයක් පසුගිය දා දැක ගත හැකිවිය. එනම් බස්නාහිර පළාතේ පළාත්සභා මැතිවරණයේන පත්වූ ඇමතිවරුන් අතර එකදු සුළු ජාතිකයෙකු වත් නොවීමය. විශේෂයෙන් කොළඹ, කළුතර මෙන්ම ගම්පහ දිස්ත්‍රික්ක තුළද සුළු ජාතිකයින් බහුලව ජීවත් වන අතර ඔවුන් වෙනුවෙන් බලය විහිදවීම මේ අනුව ඇණහිටිනි. ඒ වෙනුවට සුප්‍රසිද්ධ වර්ගවාදියෙකු ඇමති පුටුවකට පත්විය.
එක්තර පුවත්පත් වාර්තාවකින් කියවුනේ මෙවර සන්ධාන මන්ත්‍රී ලැයිස්තුවේ ජයග්‍රහණය කොට ඇත්තේ එක් සුළුජාතිකයෙක් පමනක් බවය.
කළ යුතු දේ පැහැදිලිය. ජැක්සන් ඇන්තනි මෙන් අන්සියලු ආගම් වල අය බෞද්ධකරණය විය යුතුය. සිංහල බෞද්ධයන්ට යටත්ව අනෙක් ආගම් පැවතිය යුතුය. බෞද්ධයින්ගෙන් අසා ඕනෑ දෙයක් කළ යුතුය. බුදුදහම විද්‍යාත්මක බව (දර්ශනයක්) පිළිගත යුතු අතර අනෙක් ආගම් අවිද්‍යාත්මක බව පිළිගත යුතුය. මේ කොන්දේසි වලට එරෙහි වන්නන් සිංහල දේශයෙන් පන්නා දමනු ඇත.
සියළු දෙනාටම තෙරුවන් සරණයි.................!

No comments:

Post a Comment