Wednesday, June 17, 2009
we are human
වැලිකඩ බන්ධනාගාරයේ 1,700 කට ඇති ඉඩ පහසුකම් යටතේ 6,046 දෙනකු රඳවා සිටින බව ඊයේ (16) හෙළිවිය. මෙම පිරිසෙන් 4000 ක් සිරකරුවන් වන අතර 2046 දෙනකු විවිධ චෝදනා මත රිමාන්ඞ් බන්ධනාගාර ගත කර සිටින්නන්ය. අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව එක් සිරකරුවකු සඳහා තිබිය යුතු ඉතාමත් යෝග්‍ය ඉඩකඩ ප්‍රමාණය වර්ග අඩි 540කි. වැලිකඩ බන්ධනාගාරයේ දැනට පවතින තදබදය හේතුවෙන් වර්ග අඩි 540ක ඉඩකට අටත් දහයත් අතර සංඛ්‍යාවක් රඳවා සිටිති.ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල 400%ක් තරම් අධික තදබදයක් පවතින බව අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි. නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් වී.ආර්. සිල්වා මහතා ඊයේ (16) වැලිකඩ බන්ධනාගාරයේ කරන ලද නිරීක්ෂණ චාරිකාවකදී මෙම කරුණු අනාවරණය විය.
පොලිසියේ සිම්පල් ප්ලෑන් එක
අවසන් වරට පොලිස් අත් අඩංගුවේ සිටි සැකකරුවන් ඝාතනය වුයේ ඉකුත් මැයි හතර වැනිදාය. සුපුරුදු ලෙසම එවරද ඝාතනයට ලක් වු මඩකලපුවේ දැරියගේ පොත් බෑගය සොයා ගැනීමට පොලිස් රැකවරණ යටතේ යමින් සිටියදී සඟවා තිබු ටී-56 යේ ගිනි අවියක් ගෙන පොලිසියට වෙඩි තැබීමට උත්සාහ ගත් සැකකරුවන්ට පොලිසියේ ප්රතිප්රහාරවලින් ඝාතනය වන්නට සිදු විය.
මේ පසුගිය වසර කිහිපයක් පුරා ශ්‍රී ලංකාවේ නීතියට පරිබාහිර ව අපරාධ යුක්තිය පසිඳලීමේ අවනීතිය ක්‍රියාත්මක වන රටාවයි. අපරාධයක් යනු හැමවිටෙකම වරදකට එහා ගිය, සමාජය තුළ කැළඹීමක්, කම්පනයක්, භීතියක් ඇති කරන සිදුවීමකි. එවැන්නකදී ප්‍රජාව ආවේගශීලී වීම නොවැලැක්විය හැකි හේතුවකි. එනිසාම පිළිගත් නීති රාමුවක් තුළ අපරාධයට සුදුසු දඬුවමක් ලැබිය යුතුය.නමුත් අවාසනාවකට සමාජයේ බොහෝ පිරිසක් පොලිසියේ මෙම අශිෂ්ඨ, අශ්ශීල, ගෝත්‍රික හැසිරීමට පක්ෂය. නමුත් මෙම සිදුවීමේදී සමාජය වටහා නොගත් කාරණා කිහිපයක් ඇත. පොලිසිය යනු ආයුධ හා නිල බලය සහිත සන්නද්ධ රාජ්‍ය නිළධාරින් පිරිසකි. ඔවුන් මේ මරා දමන්නේ අධිකරණය හමුවේ අපරාධකරුවෙකු යැයි ඔප්පු නොවු, ඊට අවස්ථාවක්ද නොසැලසුනු හුදු සැකකරුවෙක් පමණි. බාගවිට මේ මිය යන්නේ සැබෑ අපරාධකරුවාද නොවිය හැකිය. සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන අපරාධයට අදාළ සියලූ චංචල, නිශ්චල උපකරණ සහ සිදුවීම් හෙළිදරවු කරගෙන අධිකරණයක් හමුවේ එය සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොලීසියේ බහුතරයක් නිලධාරීන්ට ඇති බැරිකම වසා ගන්නට ඔවුන් යොදන මේ සිම්පල් ප්ලෑන් එකේ ඇති අනාගත උවදුර වටහා ගන්නට සමාජයට නොහැකිවීම කණගාටුවකි. එසේත් නැත්නම් අපට කණගාටුවෙන් වුවත් පිළිගන්නට සිදුවන්නේ ලංකාව වැනි ඌණ සංවර්ධිත රටක ජීවත් වන මිනිසුන් බොහෝ පිරිසකට නීරෝගී ප්රජාතන්ත්රවාදයක් තමන් වෙනුවෙන් බිහිකර ගැනීමට අවශ්‍යතාවක් නැති බවය.
අපරාධකරුවන් ඉබේ පහළ වන්නේ නැත. ඊට බලපාන සමාජ, ආර්ථික, මානසික හෝ ශාරීරික හේතූන් පවතී. යම් සිදුවීමකට එකී සාධකවල ඇති සාධනීය බලපෑම විමර්ශනය කිරීම මානව හා භෞතික විද්‍යා විෂය ක්ෂේත්රවලට මෙන්ම රටක සංවර්ධන ක්‍රියාදාමයට කෙතරම් අත්‍යවශ්‍යයද යන්න වටහා ගැනීමට තරම් බුද්ධියක් බොහෝ පොලිස් නිලධාරීන් තුළ පවතිනවා නම් සැකකරුවෙකු නොව අපරාධකරුවෙකුවත් මරා දමන්නේ නැත. මෙරට මරණ දඬුවම ක්‍රියාත්මක නොවන අවස්ථාවක පොලීසිය මේ සිදුකරන්නේ තම කැලෑ උසාවියේ නඩු අසා තමන්ම තීන්දු දීමයි. සැකකරුවන් ඝාතනය කරදමා වධකයාගේද කාර්ය භාරයයි. මේ මරා දමන්නේ සමාජයේ ජීවත් වන තවත් පුරවැසියෙකි. මේ ඝාතනයට ලක් වන එක් මිනිස් පුරුකක් මඟින් සමාජය තුළ ඇති කරනු ලබන රික්තය නිසා ඇතිවන සමාජ අසමතුලිතභාවය තවත් මිනිස් පුරුකක් ඝාතනය කර තුලිත කිරීමට නොහැකි බව ස්වභාව යුක්තියේ මූලධර්ම අගයන ශිෂ්ට සම්පන්න මිනිසෙකුට වටහා ගැනීම අපහසු නැත.ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ සහ අපරාධ නඩු විධාන සංග්‍රහයේ සඳහන් අත්මාරක්ෂාව හා අවම බලය යෙදවීමට අනෙක් සාමාන්‍ය පුද්ගලයෙකුට ඇති අයිතිය පොලිස් නිලධාරීන්ට ද හිමිවේ. නමුත් අවම බලය යනු ඝාතනය නම් එය අවම බලයේ සීමාව පිළිබඳව ගැටලූවකි. පොලිසියට පමණක් මෙහි පුර්ණ වගකීම පැටවීම සාධාරණ නැත. මේ දිග හැරෙන්නේ පොලීසිය, අධිකරණය ඇතුළු සමස්ත යුක්ති පද්ධතියේම ඇති නොහැකියාවයි. අධිකරණයට මෙහි විශාල වගකීමක් ඇත. එ් ඝාතන සම්බන්ධයෙන් ඉදිරිපත් වන පොලිස් සාක්ෂි ගැඹුරින් ප්‍රශ්න කිරීමට ය.
මීට වසර එකහමාරකට පමණ පෙර අඟුරුවාතොට ප්‍රදේශයේ සිදු වූ එක්තරා ප්‍රසිද්ධ ඝාතන සිදුවීමකදී ඉහළ පොලිස් නිලධාරීයෙකුගෙන් මට අසන්නට ලැබුණේ මෙවැනි කතන්දරයකිි. ”ඊයේ හවස අපි මෑන්ට වැඬේ දෙන්න හිටියේ. වෙලාවට ඊට කලින් ඌ වැඬේ කරපු අයයි, බඩුයි පෙන්නුවා.”පොලිසිය අතින් සිදු වෙන මෙම ඝාතන හුදු අහම්බයක් නොවන බවට මේ එක් සාක්ෂියක් පමණි.අපරාධයකට දඬුවමක් හෝ විශෝධනයක් ලබාදීම අපි ඉහළින් ම අනුමත කරන්නෙමු. එය සමාජ ශෝධන ක්‍රියාවලියට අත්‍යවශ්‍යය. නමුත් පවතින නීති අභිබවා යමින් ඊට පටහැනිව සිදුකරන මෙම මනුෂ්‍ය ඝාතන කිසිවිටෙක අනුමත කළ නොහැක. සෑම පුරවැසියෙකුටම සිය නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට සාධාරණ ඉඩක් තිබිය යුතුය. කිසිවෙකුගේ ඳූජීවත් වීමේ අයිතිය පොලිස් නිල ඇමකට දෙවැනි විය යුතු නැත. මේ ඔබ අවදි විය යුතු කාලයයි. කුමන හෝ ආකාරයකට ඔබේ දූ පුතුන්, සහෝදර සහෝදරියන්, අසල්වැසියන්, ඥතීන්, ඝාතනය වීමට ඉඩක් හා ඊට නීතිමය රැකවරණයක්ද සහිත පරිසරයක් බිහිවෙමින් පවතී.

මදුරුවන්ට පුරුදු කරමු මල්.... පැණි බොන්න
ඩෙංගු මාරාන්තික බව දැනුණේ දැන් යැයි ඩෙංගු උණ වැළඳී අමාරුවෙන් ගොඩ ආ මිත්‍රයෙකු පසුගිය දවසක අප සමඟ කීවේය. පසුගිය දිනවල ඔහු සිටි මරුවිකලේ හැටියට මේ වචන ටික හෝ ඔහුගේ කටින් පිටවීම ගැන අපට සන්තෝෂය. ප්රජාතන්ත්රවාදී පාලනයක් තුළ වගකීම් රහිත බව හා නිශ්ක‍්‍රීයභාවය හේතුවෙන් පුරවැසියන් කිසිදු ආකාරයක අවදානමකට ලක් කිරීමට රජයකට නොහැක. මේ අවස්ථාවේ ඩෙංගු සමඟ ප්රජාතන්ත්රවාදය පටලවා ගැනීම වසර තිහකට පසු යුද්ධය නිමා වී ප්‍රීතියෙන් සිටින බොහෝ දෙනෙකු දේශද්‍රෝහී කමක් ලෙස පෙනී යාමට ඉඩ තිබේ. නමුත් කණගාටුවෙන් වුවද කීමට ඇත්තේ මේ දෙක ඉබේ ම එකට පටලැවී ඇති බවය.සාමාන්‍යයෙන් ලංකාවේ වසංගත රෝග සීඝ්රයෙන් පැතිර යන කාලසීමාවන් දෙකකි. ඒ ඔක්තෝම්බර් සිට දෙසැම්බර් දක්වාත්, මැයි සිට ජූලි දක්වාත් ය. ඩෙංගු උණ ප්රජාතන්ත්රවාදය සහ යහ පාලනය හා සම්බන්ධ වන්නේ මෙතැනින්ය. රටක වසංගත රෝග පැතිර යාම හා පුරවැසි ජීවිත අවදානමකට ඇද වැටීම පිළිබඳ වගකීම එරට රජයට පැවරේ. අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා නොමිලේ ලබා දෙන ලංකාව ප්රජාතන්ත්රවාදී මෙන්ම එක්තරා ආකාරයක සුභසාධනවාදී රාජ්‍යයක් ලෙස පෙනී සිටී. රජයට සේම මෙම වගකීමේ සැළකිය යුතු තරම් කොටසක් ජනතාවටද පැවරේ. ඩෙංගු මෙතරම් සීඝ්රයෙන් රට පුරා පැතිර යමින් ජන ජීවිතය අවුල් කරන තත්ත්වයකට එන්නේ නම් වරද ඇත්තේ කොතැනද? මදුරුවන්ගේද? නැත. වරද රජයේ සහ මහජනතාවගේය. පසුගිය අප්‍රේල් මාසයේ ගතවූ දින පහළොවක් තුළ පමණක් වාර්තා වී තිබූ ඩෙංගු රෝගීන් ගණන 59 ක් වූ අතර ඉන් 04 ක් මිය ගියහ. මේ වන විට කොළඹ, කැළණිය, ගම්පහ, හෝමාගම, පිළියන්දල, දෙහිවල හා අකුරණ අවදානම් ප්‍රදේශ ලෙස පසුගිය සතියේ වසංගත රෝග ඒකකය නම් කළේය. ගතවූ මාස දෙක තුළ කොළඹ, නුවර, රත්නපුර, කලූතර, කෑගල්ල යන දිස්ත්‍රික්ක වලින් වාර්ථා වූ රෝගීන් ගණන 2500 කි. දැනට වාර්ථා වී ඇති මුලූ රෝගීන් ගණන 6689 ක් හෝ ඊට වැඩි විය හැකිය. මිය ගිය ගණන 90 දක්වා ඉහළ ගොසිනි. එය පසුගිය වසර වලට වඩා 45% කටත් වඩා වැඩි වර්ධනයකි.
ගතවූ මාස කිහිපය තුළ ඩෙංගු වර්ධනය වීමට සමගාමීව යුද්ධයේ ස්වභාවයද වඩාත් වර්ධනය විය. සියලූ ලාංකික මාධ්‍යවල එකම ජාතික වගකීම යුධ පුවත් වාර්ථාකරණය වන විට ඩෙංගු ව්‍යාප්තිය ඇතුළු අනෙක් සියලූ සිදුවීම් වලට හිමි වූයේ ඔවුනොවුන්ගේ න්‍යාය පත්‍රවල අවශේෂ ස්ථානයන්ය. රජයේ ජාතික වගකීම වූයේද යුද්ධයම පමණි. ආසියානු මානව හිමිකම් කොමිසමේ වෙබ් අඩවියේ පළ වු නීතිඥ බැසිල් ප්‍රනාන්දුගේ Dengue Fever and Dysfunctional Democracy නම් ලිපියට අනුව ඉකුත් කාලයේ සූකර උණ පැතිරී, පළමු මිනිස් මරණය සිදුවන විටම මෙක්සිකෝ රාජ්‍යය ඒ පිළිබඳ සිය රට මෙන්ම අනෙක් රාජ්‍යයන්ද දැනුවත් කළේය. එය ලොව පුරා වෛරසය පැතිරයාම වළක්වා ගැනීමට බොහෝ ප්‍රයෝජනවත් විය. ජනතාව වෙත අවදානම පිළිබඳ නිවැරදි තත්ත්වයන් සන්නිවේදනය කාර්යක්ෂමව සිදු කිරීමේ ශක්‍යතාව මෙක්සිකෝ රාජ්‍යයට විය. 20 වන සියවයේ මුල් භාගයේ මෙරට පැතිර ගිය මාරාන්තික මැලේරියා වසංගතය මර්දනය කිරීමට එකල සිටි වාමාංශික නායකයන් උත්සාහ දැරුවේ නිදහස් සටනේද නිරත වෙමින් සිටියදීය. ඔවුහු එදා මැලේරියා සටන සාර්ථකව ජය ගත්හ. මෙය මැලේරියා හෝ ඩෙංගු මදුරුවාගේ ශක්තිමත්භාවය හෝ දුර්වලභාවය පිළිබඳ ගැටළුවක් නොව එදාට සාපේක්ෂව අද රටේ වගකීම් සහගතභාවයේ ඇති දුර්වලතාවයකි.එනිසා එදාට සමානුපාතිකව අද අප අපගේ නිශ්ක‍්‍රීයභාවය පිළිබඳ ලැජ්ජා විය යුතුය. යුද්ධය හැර අන් කිසිවක් නොතැකූ ලංකා රජය දේශපාලනය සමඟ ප්රජාතන්ත්රවාදය, යහ පාලනය ඇතුලූ අන් සියල්ල පටලවා ගත්තේය. ජනතාවටද තම නිවසේ මාලූ ටැංකියේ හෝ මල් පෝච්චිය ඇතුලේ සුවබරව වැඩෙන මේ උවදුර හඳුනාගැනීමට තරම් විවේකයක් නොතිබුණි. විවේකයක් නොතිබුණාට වඩා සමබර මානසිකත්වයක් නොතිබුණි. ඔවුන්ද ගතින් නිවසේ සිටියත් සිතින් සිටියේ රණ බිමේ නිසාය. ඒ කෙතරම්ද යත් යුද්ධයෙන් නිර්වින්දනය වී තිබූ ඔවුන්ගේ ශරීරවලට පසුගිය කාලයේ ඩෙංගු මදුරුවන් දෂ්ඨ කළද එය දැනී නැත. ප්‍රතිඵලය අසල්වැසි නිවැසියන් ඩෙංගු රෝගයෙන් මිය යද්දී, දරු මල්ලන් කර ගසා ගෙන ඩෙංගු නැතැයි සිතන කොහේට හෝ ප්‍රදේශයකට පලා යාමය. එසේ අප දන්නා බොහෝ පිරිසක් ජීවිත රැක ගැනීමට දැනටමත් සිය පදිංචි නිවෙස් හැර දා ගොස් ඇත.
ලංකාවට තිබෙන්නේ නිවැරදි වීමේ හා වඩා සංවර්ධනාත්මක ප්රජාතන්ත්රවාදයක් කරා යාමේ අවශ්‍යතාවකට වඩා ඇමති මහින්ද සමරසිංහ කියු ආකාරයට, දීර්ඝ කාලීන පළපුරුද්දෙන් ලත් අත්දැකීම් අනුව සූක්ෂමව ගේම් ගසා ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ රට ගොඩ දමා ගැනීමේ විදේශ ප්රතිපත්තියකි. මෙය මෙරට සෑම ක්ෂේත්රයකම ඉහළ සිට පහළටත්, පහළ සිට ඉහළටත් කාන්දු වන තත්ත්වයකි.
ජාතික ආරක්ෂාව යනු ත්රස්තවාදීන්ගෙන්, ගරිල්ලන්ගෙන් හෝ විමුක්තිකාමීන්ගෙන් සිදුවන ප්රහාරයන්ගෙන් ආරක්ෂා වීම පමණක් නොවන්නේය. මී, මැසි, මදුරු, උවදුරු ද රටක ජාතියක ආරක්ෂාවට තර්ජනයක් විය හැකිය. රටක රාජ්‍ය නායකයාගේ මුළු අවධානය යොමු විය යුත්තේ එරට සමස්තය කෙරෙහිය. පාර්ලිමේන්තුවේ සිටින සියලූ ජනතා නියෝජිතයන් සම්බන්ධයෙන්ද මේ ප්‍රකාශය වලංගුය. රජය වසංගත රෝග මර්දනයට පණත් කෙටුම්පත් කරන්නේ දැන්ය. ඩෙංගු මර්ධනය කිරීමට සිවිල් ආරක්ෂක කමිටුවල තරුණ තරුණියන් 1,50 000 කගේ ස්වේච්චා සේවය ලබා ගැනීමට සූදානම් වන්නේ ද, දිවයිනේ ලක්ෂ 40ක් වන පාසල් දරුවන් මාර්ගයෙන් දෙමාපියන් දැනුවත් කරන්නට සිතුවේද දැන්ය. රට පුරා ග්‍රාම නිළධාරී කොට්ඨාශ 14,194 කම ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාවට නැංවීමට පිඹුරු පත් සකසන්නේද අන්තිම මොහොතේය. නමුත් රජය දැනටමත් ප්‍රමාදය.
මහජන නියෝජිතයන් තමන්ගේ විෂය පථය පිළිබඳව මීට වඩා අවධානයක් යොමු කළ යුතුය. පසුගිය මාස කිහිපය පුරා මෙරට අමාත්‍යාංශ කීයක් තමන්ගේ විෂය පථයට අදාළ කටයුතු වලට ප්‍රමුඛතාව දීම පසෙකලා ජාතික ආරක්ෂාවේ නාමයෙන් අකාර්යක්ෂමව, අලසව, වැඩ පැහැර හැර ඇතිද යන්න හෙළිදරවු වීමට තව වැඩි කාලයක් ගත නොවේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය සාකච්ඡා පවත්වා, සැලසුම් හදා කල එළි බහින විට ඩෙංගු මදුරුවන් වේගයෙන් දෛනිකව සිය වර්ගයා බෝ කරමින් සිටී. ඔවුන් මේ දෂ්ඨ කරන්නේ මෙරට ජාතික ආරක්ෂාවට පමණක් නොව ආර්ථික, සමාජීය, දේශපාලන යන සෑම අංශයකටමය. දීර්ඝ කාලීන විවේකයකින් සිටිය යුතු ඩෙංගු වැනි රෝගයක් සුලූවෙන් තැකීමේ විපාක හාල් ඇටයේ සිටම ජීවන බර අමාරුවෙන් උසුලා ගෙන යන මහජනයාට අත්විඳින්නට සිදුවීම අසාධාරණය.
සාර්ථක යුද්ධයක නිමාවෙන් පසු මේ රජය පොල් කටු තම්බා කන්නට කිවුවද ජනතාව ඒවා කනවා ඇත. ලොව බලවත්ම රාජ්‍ය නායකයා සිටින්නේ ඇමෙරිකාවේ නොව ලංකාවේ කිවුවොත් එයද පිළිගන්නවා නිසැකය. එ නිසා මෙතරම් හරඹයක් කරන කොට ඩෙංගු සෑදී පණහක් හැටක් මිය යාම ගැන රටට ආදරේ නොකරන ජාතිය කෙසේ වෙතත් රටට ආදරය කරන ජාතියවත් ඉවසා සිටිය යුතු බව කිවුවද ලාංකිකයන් එයත් ඉවසනවා ඇත. තමන් උපක්‍රමශීලී හා සැලසුම් සහගත යැයි කියන එමෙන්ම ඕනම වසංගතයක්, අර්බුදයක්, ගැටුමක්, යුද්ධයක් තීන්දු කර, නිවාරණය කර, ප්රත්යක්ෂ කිරීමට දින, සති, මාස ලංසු තබන රජය මේ අභියෝගයද බාර ගත යුතුය.
රටක අභ්‍යන්තර තත්ත්වය පිළිබඳ සැබෑ අවබෝධයක් ලබා ගැනීමට විවිධ මිනුම් දඬු පවතී. අපරාධ යුක්ති පද්ධතිය ඉන් ප්රමුඛ වන අතර එරට සිටින සිරකරුවන්ගේ තත්ත්වය රටේ අභ්‍යන්තරය ගැන බොහෝ කරුණු කියාපායි. එය රාජ්‍යය යන්නේ සිට පවුල නම් ඒකකය දක්වා මැනගත හැකි තීරණාත්මක මිනුම් දණ්ඩකි. මෑත කාලයේ ලංකාවේ බන්ධනාගාර ගත සිරකරුවන් ජාත්‍යන්තර මට්ටමේ නිරීක්ෂණයකට නිරාවරණය වුයේ 2007 වර්ෂයේය. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කෲර හා අවමන් සහගත, අමානුෂික වධහිංසා පිළිබඳ විශේෂ නියෝජිත මැන්ෆ්‍රෙඞ් නොවැක් විසින් 2007 ඔක්තෝම්බර් 01 සිට 08 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී ඉදිරිපත් කළ වාර්තාව ඔස්සේය. එම වාර්තාවේ රජය සපයන ලද සංඛ්‍යා දත්ත අනුව ලංකාවේ සියලූ බන්ධනාගාරවල රැඳවිය හැකි රැඳවියන් ප්‍රමාණය 8200 වුවත් සත්‍ය ලෙසම රඳවා සිටින රැඳවියන් ගණන 28,000ක් ලෙස පෙන්වා දී ඇත. එසේම මෙලෙස රඳවා තබා ගැනීමම කෲර හා අවමන් සහගත තත්ත්වයක් බවට ජාත්‍යන්තර හා ප්‍රාදේශීය මානව හිමිකම් කාර්යාංශ පෙන්වා දී තිබුණු බවද තවදුරටත් ඔහුගේ වාර්තාවේ සඳහන්ය. ඒ අනුව මෙරට බන්ධනාගාරවල තත්ත්වය පිළිබඳ සමබිම කරන ලද විමර්ශනයක් ඇසුරෙන් මෙම ලිපිය සකස් වේ.බන්ධනාගාරය කාර්යක්ෂම ආයතනයක් බවට පත්කළ යුතුයිබන්ධනාගාර කොමසාරිස් - මේජර් ජෙනරාල් වී.ආර්. සිල්වාඔබට අනුව බන්ධනාගාර ආශ්‍රිතව තිබෙන ප්‍රධාන ගැටලූ මොනවාද ?අප තවම භාවිතා කරන්නේ එදා ජනගහණයට සාපේක්ෂව ඉදි කළ පැරණි ගොඩනැඟිලි. එනිසා වැඩිවන රැඳවියන් සහ සිරකරුවන්ට ප්‍රමාණවත් ඉඩකඩ සහිත ගොඩනැගිලි නොමැතිවීම ප්‍රධානතම ගැටලූව ලෙස මම දකිනවා. ඊට අමතරව පහළම බන්ධනාගාර නිළධාරියාගේ සිට කොමිෂනර් ජෙනරාල් දක්වා සිටින නිළධාරින් සංඛ්‍යාව අඩු වීමත් ප්‍රධානතම ගැටළුවක්. රැඳවියන්ට සමගාමීව තවම සිටින්නේ මුල් කාලයේ අනුමත කළ සංස්ථාවටත් අඩු නිළධාරින් පිරසක්.බන්ධනාගාරවල නඩත්තුව සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්වන්නේ කොහෙන්ද?බන්ධනාගාර සඳහා මුදල් වෙන් වන්නේ මුදල් අමාත්‍යාංශයෙන්. ඒවා අධිකරණ අමාත්‍යාංශය හරහා අප වෙත ලැබෙන්නේ.ඒවා බන්ධනාගාර නඩත්තු සඳහා ප්‍රමාණවත් ද?එදිනෙදා වැඩ කටයුතු වලට බලාපොරොත්තු වෙන මුදල් ප්‍රමාණයක් අපට ලැබෙනවා.ඇතැම් බන්ධනාගාර නිළධාරින්ට එල්ල වන දුෂණ චෝදනා වෙනුවෙන් දෙපාර්තමේන්තුව ගන්නා පියවර මොනවද?දූෂණ චෝදනාවක් නිළධාරියෙකුට එල්ල වුණොත් ඒ වෙනුවෙන් නියමිත ක්‍රියාපටිපාටියකට අනුව විනය පරීක්ෂණයක් ඇතුළුව දීර්ඝ කාලීන පරීක්ෂණ කටයුතු සිදු කෙරෙනවා.බන්ධනාගාරවල තත්ත්වය මීට වඩා සතුටුදායක කිරීමට ඔබ කරන යෝජනා මොනවාද ?පළමුව බන්ධනාගාරය කාර්යක්ෂම ආයතනයක් බවට පත්කළ යුතුයි. ඒ තුළින් පරිපාලන ක්‍රියාකාරිත්වයේ විනිවිඳභාවයක් ඇතිකල යුතුයි. එහෙම වුණොත් විතරයි ඕනෑම ආයතනයක් නිවැරදි මඟ යන්නේ. දෙවනුව ඉන්න නිළධාරින්ගේ විනය මට්ටම ඉහළ නැංවීම අත්‍යවශ්‍යයි. ඒ වාගේම තාමත් ලංකාවේ මූලස්ථානය දෙන්නේ රැඳවියන්ට. ඔවුන් බලාගන්නා නිළධාරින්ට අවශ්‍ය මුලික පහසුකම්, ඊට සම්බන්ධ දේවල් හා අනුමත සංස්ථාව අනුව සිටිය යුතු නිළධාරින් ප්‍රමාණයක් පිහිටුවිය යුතුයි. සමහර නිළධාරින්ට වගකීම සහ අධිකාරිය පැවරුණත් නියමිත පරිදි ඔවුන්ට නිලයක් (rank) ලබා දීල නැහැ. ඒ නිසා උසස් කිරීම් ප්‍රමාද වීම තුළින් සුදුසුකම් සපුරා තිබෙන නිළධාරින්ගේ මානසිකත්වයේ පහළ බැසීමක් සිදුවිය හැකියි. ඒ තත්ත්වයන් නැතිවිය යුතුයි. බන්ධනාගාර දෙපාර්තමේන්තුව කාර්යශීලි දෙපාර්තමේන්තුවක් කිරීම වගේම රැඳවියන්ට අධ්‍යාපනය දෙන ආයතනයක් බවට එය පත්කර ඔවුන්ට හා රටට ප්‍රයෝජනවත් වන ලෙස ඔවුන්ගේ මනසයි, හිතයි සකස් කිරීමයි මගේ අරමුණ.බන්ධනාගාරය වරදකරුවන් ගාල් කරන තැනක් නොවෙයිනිරංජි විජේවර්ධනඅපරාධ විද්‍යාව කථීකාචාර්යශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලයලංකාවේ දැනට බන්ධනාගාරවල තත්වය පිළිබඳ ඔබගේ මතයසරළම අර්ථයෙන් කියනවා නම් බන්ධනාගාරයක මූලික අරමුණ වැරදිකරුවෝ පුනුරුත්ථාපනය කිරීමයි. එයින් වැරදිකරුවෝ සමාජයේ නිදැල්ලේ හැසිරීම පාලනය කිරීමක් අපේක්ෂා කරනවා. නමුත් එසේ වෙන් කොට තැබීම තුළ එම පුද්ගලයා සමාජයෙන් හුදකලා කිරීම හෝ කොන්කිරීම කියන එක පමණක් අපේක්ෂා කළ නොහැකියි. බන්ධනාගාරයක අපේක්ෂාව විය යුත්තේ මොවුන් පුනුරුත්ථාපනය කිරීම. වර්ථමානයේ අපරාධ රටාව අධ්‍යනය කරන විට අපි දකින විශේෂත්වය අපරාධකරුවෝ නැවත නැවත වැරදි කර බන්ධනාගාරගතවීම. එහි ඇති භයානක පැතිකඩ වන්නේ බන්ධනාගාර අපරාධ උගන්වන විශ්ව විද්‍යාල ලෙස මතයක් සමාජය තුළ බිහිවීමයි. එය න්‍යායක් ගොඩනැගීමට තරම් ශක්තිමත් වු කියමනක් බවට පත්වෙලා. අතීතයේ සකස් කළ බන්ධනාගාරමයි අද වන විටත් භාවිතයේ පවතින්නේ. එදා සුළු පිරිසක් බන්ධනාගාර ගතවුවද අද වන විට එය සංඛ්‍යාත්මකව වැඩිවී තිබෙනවා. මේ සියලූදෙනාම වයස් භේදයකින් තොරව, වරදේ ස්වභාවය කුමක්දැයි හදුනා නොගෙන එකට රඳවා තැබීමෙන් තමා වටා සිටින සමුහයාගෙන් අපරාධ කළයුතු තාක්ෂණය කුමක්ද, අපරාධයක් සිදුකර සැඟවී සිටින්නේ කොහොමද ආදිය ඉගෙන ගන්නවා. ඒ වගේම ඔවුන් එම පරිසරය තුළ ‘මම විතරක් නොවෙයි මෙය කරන්නේ ’කියා තමන්ටම අපරාධ සාධාරණීකරනය කරගන්න පෙළෙඔනවා. එයට හේතුව අවට සියල්ලන්ම වරදකරුවන් වීමයි. එනිසා සිය චරිත තුළට වීරත්වයක් ආරෝපණය කර ගැනීමකුත් සිදුවෙනවා. අවසානයේ ඔවුන් තම ක්රියාකාරිත්වයන් සාමාන්‍යකරණය කරගන්නවා. මොවුන් වෙනුවෙන් රජය විශාල පිරිවැය වියදමක් දරනවා. නමුත් සෑම විටෙකම බන්ධනාගාරවලින් පිටව යන කොටසක් නැවත පැමිණ අපරාධ සිදුකරන ස්වභාවයකුයි දකින්න ලැබෙන්නේ. ගොඩනැඟිලි ප්‍රමාණය, නිළධාරින් මදිකම, වර්ථමානයට සරිලන නව බන්ධනාගාර ක්රමයක අඩුව ඇතුලූ තවත් කාරණා රාශියක් ඊට බලපානවා. මෙම තත්වය වැලිකඩ බන්ධනාගාරය තුළ මනාව දැකගත හැකියි. එවැනි තත්වයක් තුළ පුනුරුත්ථාපනය සිදුකළ නොහැකියි. ඒ නිසා අපරාධ යුක්ති පටිපාටිය තුළ අනිකුත් ක්ෂේත්‍ර මෙන්ම බන්ධනාගාරයද ගැඹුරින් අධ්‍යනය කළ යුතුයි. එනම් සිදු කල යුත්තේ වරදකරුවන් ගාල් කිරීමට වඩා එම පුද්ගලයන්ගේ චරිත ශෝධනය කිරීමට යෝග්‍ය පරිසරයක් ඇති කරන්නේ කෙසේද කියන කාරණය ගැන මීට වඩා ගැඹුරින් අධ්‍යනය කිරීමයි. ඉන්දියාවේ බන්ධනාගාර මෙයට හොඳම උදාහරණයක්.ලංකාවේ බන්ධනාගාරවල ඇති විය යුතු වෙනස්කම් මොනවාද?ලංකාවේ මේ වන විටත් ක්‍රියාත්මක වන ප්‍රජා විශෝදන වැනි ක්‍රම ව්‍යාප්ත කළ යුතුයි. බන්ධනාගාරයක ජාතික වගකීම එක මනුෂ්‍යයෙක් හෝ අපරාධකරුවෙකු නොවීමට වග බලාගැනීමයි. අනික් පැත්තෙන් බන්ධනාගාර ගතවූ පසුව බන්ධනාගාරය තුළදි ඔවුන්ගේ වරදේ ස්වභාවය හා වයස් මට්ටම් අනුව වර්ගීකරණය කළ යුතුයි. දැනටත් මෙවැනි වැඩපිළිවෙලක් තිබුණත් ඉඩකඩ ගැටලූත් සමඟ ප්‍රයෝගිකව ක්‍රියාවට නැංවීමේ දුර්වලතා පවතිනවා. එමෙන්ම නිතර බන්ධනාගාර ගතවන අය සහ ප්‍රථම වරට බන්ධනාගාර ගතවන අය වෙන් වෙන්ව රැඳවිය යුතුයි. නැවත නැවත බන්ධනාගාර ගතවන්නන් පුලූල්ව අධ්‍යනය කර ඔවුන් වැරදි කිරීමට හේතු හදුනාගැනීම අවශ්‍යයි. රැුඳවියන්ගේ මානසික තත්වය යහපත් වන ආකාරයේ ආගමික හා අධ්‍යාපනික වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුයි. අපේ බන්ධනාගාර වල විවිධ වෘත්තීය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක වන නමුත් එළියට ගිය පසු එම පුහුණුවෙන් ප්‍රයෝජන ගන්නේ සියයට එකක්් වැනි සුළු පිරිසක්. බන්ධනාගාරවලින් නිදහස් වුවත් ඔවුන්ට බාහිර සමාජය තුළ ලැබෙන තත්වයත් සමඟ නැවත ගොඩනැගීමට නම් පශ්චාත් කාලයෙන් වසරක් හෝ දෙකක් බන්ධනාගාර අධීක්ෂණයට යටත්වීමත් ඉතා වැදගත්. ඒවා ක්රියාවේ යොදවන පුද්ගලයන් විෂයෙහි හොඳ පුහුණුවක් ලැබීම, අනිවාර්ය පාඨමාලා ප්‍රමාණයක් සම්පූර්ණ කිරීම, නිළධාරින්ට ප්‍රමාණවත් පහසුකම් සැලසීම වගේම නඩු විමසීම ප්‍රමාදවීම් නිසා රඳවාගෙන සිටින අය ගැන වාර්ෂිකව පසු විපරමක් කළ යුතුයි. ඉන්දියාවේ එ් සම්බන්ධව ඉතා හොඳ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා.ලංකාවට සාපේක්ෂව වෙනත් රටවල බන්ධනාගාරවල තත්වය කෙබඳුද?බටහිර රටවල මූලික තැනක් දෙනු ලබන්නේ පුනුරුත්ථාපන කටයුතුවලටයි. එංගලන්තය, ඇමරිකාව වැනි රටවල් ගත්විට පුනුරුත්ථාපනයේ නිජබිම් ලෙස හැඳින්විය හැකියි. නමුත් ලංකාවට සාපේක්ෂව සංවර්ධිත රටවල් ලෙස ඔවුන් නිළධාරින් බඳවාගැනීමේ පටිපාටියේදී ඉතා සූක්ෂමව කටයුතු කරනු ලබනවා. පොලිසියේ සාමාන්‍ය සෙබලෙක් ලෙස බ`දවා ගන්නේද උපාධිධාරියෙක්. එය ගෞරවනීය වෘත්තියක් ලෙස සමාජය තුළ ආකල්පයක් ඇති කර තිබෙනවා මෙන්ම ඔවුන්ට මනා පුහුණුවකුත් ලබාදෙනවා. ලංකාවේ වගේ අපරාධ යුක්ති ක්‍රියාපටිපාටිය කල්ඇදීමක් එම රටවල සිදුවන්නේ නැහැ. ඔවුන් යම්කිසි ආකාරයකට වරද නිර්වචනය කරනවා වගේම නැවත නැවත එම පුද්ගලයා බන්ධනාගාරගත වෙනවානම් එ් කෙරෙහි පසුවිපරම් කරනවා. එ් වගේම ඔවුන්ට ලැඟුම් ගන්නට තිබෙන පාරිසරික අවකාශයත් මානසික හා කායික වශයෙන් මානව හිතවාදීයි. බන්ධනාගාර සේවයේ ගුණාත්මක බවද සතුටුදායකයි. මේ කියන කාරණා සියල්ල සමඟ සැසඳුවොත් ඔවුන් අපෙන් වෙනස්වෙන එකම තැන එතැනයි.ලංකාවේ බන්ධනාගාරවල රැඳවියන්ගේ මානව හිමිකම් සුරක්ෂිතභාවය ගැන ඔබේ තක්සේරුව කුමක්ද?බන්ධනාගාරයේ ශීර්ෂ පාඨය තමයි ”සියලූ සිරකරුවෝ මනුෂ්‍යයෝය” යන්න. නමුත් රටේ ඕනම අයෙකුට වැටහෙනවා ඔළු කිහිපයක් රැඳවිය හැකි තැනක ඔළු දහස්ගණනක් රඳවලා ඇති බව. එයම මනුෂ්‍යාගේ නිදහස අහිමි කිරීමක්. බන්ධනාගාර නීතිය තුළ නම, අනන්‍යතාව, ඇදුම ආදිය අහිමි වුවත් හිතකර ආශ්වාස-ප්රාශ්වාස මාර්ගයක්, සනීපාරක්ෂක ක්‍රමයක් නොමැතිවීම ආදිය හරහා මිනිසාට මිනිසෙකු ලෙස ජීවත්වීමේ අයිතිය අහිමි වෙනවා. නමුත් අනික් පැත්තෙන් ඔවුන්ද තවත් කෙනෙකුගේ අයිතිවාසිකම් අහිමිකරලා. ඒ හරහා හිලවු කිරීමකුත් සිදුවෙනවා කියන්න පුලූවන්.මෙහිදී නිළධාරින් විෂයෙහි සිරකරුවන්ගේ අයිතිවාසිකම් කඩවන ආකාරයේ ක්‍රියාකාරකම් සිදුවන බවටත් චෝදනා එල්ල වෙනවා. මෙයට හේතුව වන්නේ නිළධාරින් තුළ පවත්නා අනවබෝධය. ඇතැම් වෙලාවට ඔවුන් හිතනවා නිළ ඇදුම සිරකරුවන්ට පහරදීමට ලැබුණු අවසරයක් කියා. නමුත් ඔවුන්ට ප්‍රශ්න කිරීමේ අයිතියක් පමණයි තිබෙන්නේ. මෙහි පවතින්නේ කාර්ය භාරය පිළිබඳ ගැටලූවක්. තමන්ගේ නිළ තත්වය හා කාර්ය භාරය හරිහැටි හදුනාගැනීමට නොහැකිවීම තුළ මානව හිමිකම් කඩවීම සිදුවෙනවා. අනික් අතට සිරකරුවන් එකට රැඳවීම නිසා ඔවුනොවුන් අතර ඇතිවන ගැටුම් හේතුවෙන් නවක සිරකරුවන් හා සිරකරු කණ්ඩායම්, කල්ලි හරහා ඇතිවන ගැටුම් වලින් සිදුවන්නේත් මානව හිමිකම් කඩවීමයි. මෙය පරිපාලනය පැත්තෙන් දැකිය හැකි ලොකු දුර්වලතාවයක්.ඔබට අනුව සිරකරුවන්ගේ තත්වය මීට වඩා යහපත් කළ හැක්කේ කෙසේද?ප්‍රථමයෙන්ම අපරාධ යුක්තිය ක්‍රියාත්මක කරන සෑම ආයතනයකම රැකියා ගරුත්වය සහතික කළයුතු වෙනවා. බන්ධනාගාර නිළධාරින්ට දැනට න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගික පුහුණුව යම්තාක් දුරට ලැබුණත් මෙම තනතුරු වලට බඳවා ගැනීමේදී විෂය පිළිබඳ මූලික උපාධියක් හෝ පාඨමාලාවක් සම්පුර්ණකර තිබීම වැදගත් වෙනවා. මේ වනවිට අපරාධ විද්‍යාව විෂයක් වශයෙන් සහ විශේෂවේදී උපාධියට හදාරණ අයට විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් හොඳ දැනුමක් තිබෙනවා. ඒ වගේම රාජ්‍ය අනුග්‍රහය යටතේ උපදේශනය වැනි පාඨමාලාවලට නිළධාරින් යොමු කිරීම, දේශපාලන පත්වීම් වලින් තොරව සුදුස්සන් බඳවා ගැනීම, අල්ලස් දූෂණ ආදී වැරදි ක්‍රියාවල යෙදෙන නිළධාරින්ට නිසි දඩුවම් දීම මෙන්ම එයට අවශ්‍ය කරන යම්කිසි විනය රාමුවක් සැකසීම දෙපාර්තමේන්තු මට්ටමෙන් හා රාජ්‍ය මට්ටමෙන් සිදුවිය යුතුයි. එසේ නොවුණොත් තවදුරටත් සිදු වන්නේ ඔළු ගෙඩි ගාල්කරන ක්රමයම ඉදිරියට යාමයි.සිරකරුවන් වෙනුවෙන් දැනට ක්‍රියාත්මක කෙරෙන සුභසාධන කටයුතු ආගමික වතාවත්
රැඳවියන් බන්ධනාගාරයට ඇතුල් වනවිටම ඔහුට හෝ ඇයට සිය ආගම ඇදහීමේ අයිතිය ලබාදෙයි. බෞද්ධාගමිකයන් වෙනුවෙන් සීල ව්‍යාපාර, දහම් පාසල් පැවැත්වීම, දහම් පාසල් ශ්‍රේණි විභාග වලට මුහුණ දීමේ හැකියාව ලබාදී ඇති අතර සමත් වූවන්ට සහතික ලබාදෙයි.
මුස්ලිම් හා දෙමළ ජාතික රැඳවියන්ට පූජකයන් විසින් ආගමික වතාවත් සිදු කරයි. ආගමික උත්සව දිනවලදී සියලූ රැදවියන්ට පිටතින් (නිවසින්) ආහාර හා රස කැවිලි ලබාගත හැකිය.
අධ්‍යාපනය
පරිගණක අධ්‍යාපනය, ඉංග්‍රීසි අධ්‍යාපනය මෙන්මඅ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ඇති අතර විභාග සමත් වූ විට සහතික ලබාදෙයි. ඒ සඳහා ප්‍රතිපාදන සැපයීම දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරේ.
වෘත්තීය
රැඳවියන්ට කරණවෑමී, ඇඳුම් මැසීම, මේසන් වැඩ, වඩු වැඩ සහ අත්කම් වැනි ජීවන වෘත්තීන් ඉගැන්වීමද සිදු කරයි. රැකියා සඳහා යොමු නොකරන රැඳවියන්ට 1, 2, 3යන ශ්‍රේණි පදනම අනුව දිනකට රුපියල් 15ක උපරිම ගාස්තුවක් රජයෙන් ලබාදෙයි.මීට අමතරව ක්‍රීඩා උත්සව ,පවුල් සුහද හමු හා රැඳවියන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්රදානය කරයි.
කායික හා මානසික සෞඛ්‍ය
අවුරුදු 04කට වරක් වෛද්‍ය පරීක්ෂණයකට කැඳවා රෝගී අය හඳුනාගෙන ප්‍රතිකාරයන්ට යොමු කිරීම සිදුවේ.
සෑම බන්ධනාගාරයකම බන්ධනාගාර රෝහලක් තිබෙන නමුත් එහි ශල්‍යාගාර පහසුකම් නැත.
රැඳවියන්ගේ මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් උපදේශන, භාවනා වැඩසටහන් ක්‍රියාත්මක වුවත් ඒවා ප්‍රමාණවත් නොවේ.
කාන්තා රැඳවියන් සිර මැදිරියේදී ප්‍රසූත කරන දරුවන් රැඳවීමට වෙනම මැදිරියක් තිබෙන අතර ළදරුවන්ට පෙර පාසල් අධ්‍යාපනය ලබාදීමති් කිරිපිටි, ආහාර, ලබාදීමත් වැනි සුබ සාධන කටයුතු ක්‍රියාත්මකය.

රාමාගේ වික්ර්ම
යුද්ධයෙන් බිහිවුණු සුප්‍රසිද්ධ පල්හොරෙක් පිළිබද පුවතක් ඊයේ වාර්තා විය. ඒ අපට දේශපේ‍්‍රමී උණුසුම් පුවත් සමග යුද්ධයේ සජීවී ආතල් එක ගෙනත් දෙන ජාතික රූපවාහිනියේ සමන් කුමාර රාමවික්රමයි.http://www.lankanewsweb.com/news/2009_03_27_003.htmlසුනාමි අවධියේ මැරුණු මිනිසුන්ගේ රත්‍රං කොල්ල කන, මැරුණු කාන්තාවන් දූෂණය කරන ආකාරයේ නවතම තුච්ඡ මුහුණුවර මේ ආකාරයෙන් එළි දකී.ලැජ්ජාවක් නොමැතිව හොරා ගෙන ඇත්තේ තමන් ගේ බඩ වියත රැකීමට දේශද්‍රෝහී, ත්‍රස්තවාදී යැයි පුන පුනා කියන LTTE සංවිධානයට අයත් බඩු භාන්ඩය.පසුගිය කාලය පුරාවට තුවක්කුවක් රහිතව යුද්ධයක නිරතවන සොල්දාදුවෙකු තරම් මහජන ආදරයටත් ප්රසාදයටත් පත් වූ සමන් තමන්ගේ බැටළු හම ඉවත් කොට LTTE බඩු භාණ්ඩ වලට පමණක් නොව පුරාවිද්‍යාත්මක වස්තු සදහාද කෑදර වී ඇත.දේශපේ‍්‍රමය දඩමීමා කරගෙන සැගවී සිටින පල්හොරුන් ගේ මීට පෙර කළ කී දෑ ද සොයා බැලීම කළ යුතුය.
රන් දෙපැයේ ඇතඋල් පැත්ත
අසීමිත ලෙස විවෘත කරනු ලැබූ දේශීය ආර්ථිකයක අහිතකර ඵල විපාක වසර තිහක් පුරාවට ඛේදජනක ලෙස අප අත්විඳිමින්සිටිමු. ඒ අතරතුර තම කොමිස් මුදල ගැන පමණක් සිතමින් මැකියාවේලියානු ඉගෙනුම් භාවිතයට ගනිමින් පාලනය සිදුකරන ශ්‍රී ලාංකික පාලකයින් ප්‍රතිපත්තිමය දේශපාලනය තව දුරටත් කල් අරිමින් සිටී. තොරතුරු මත පදනම් වන මේ සියවස තුල තෙවන ඇස ලෙස සළකන මාධ්‍යයන්ට ද අයාලේ යන ගවයින් මෙන් මුදල් පසුපස හඹා යාමට ඉඩදී ඇතිවා මිස දේශපේ‍්‍රමී ආණ්ඩු ජනතාපේ්රමී ලෙස ජනතාවට හිතකාමී වැඩසටහන් කුමක්ද? ඒවායේ හිතකාමී බව හෝ අහිතකාමී බව තීරණය වන්නේ කෙසේද? වඩා සුදුසු සදාචාරවාදී මිනුමක් ද, එසේත් නැතිනම් නවීන විද්‍යානුකූල මිනුමක්ද යන්න හිතාබලනවා තබා ක්‍රමවත් අධ්‍යනයක් පිළිබඳව අකුරක්වත් දන්නේ නැති මැති ඇමති පිරිසක් මැද ඒ පිළිබඳව වන බලාපොරොත්තුවක් වුවද අරුත්සුන් කාරණයක් බවට පත්ව ඇත. එසේ වුවද මේ අපේ රට නිසාත්, සිවිල් සමාජ පුරවැසියෙකු ලෙස විමසා බැලීම මාගේ යුතුකම නිසාත් මේ උත්සාහය යම් අධ්‍යනයක් දෙසටය.
පසුගිය කාලය පුරාවට විදේශීය අනුකරණ මෙරට සමාජයට හදුන්වා දෙමින් මැජික් පෙන්වූ සිරස මාධ්‍ය ජාලය රන් දෙපැය ටෙලිනාට්‍ය මාලාවද බුද්ධිමත් පේ්රක්ෂකයන් වෙනුවෙන් විකාශය කරන ලදී. ඊට ඉතා දැඩි විවේචනයක් එල්ල වුවද එය හුදෙක්ම වෛරය, ඊර්ෂ්‍යාව, හෝ වර්ගවාදී පදනම් කරගත් සදාචාරවාදී විවේචනයක් බවට පත් විය. එනම් එකී විවේචනයට පදනම් වූයේ කලාත්මක, මනෝවිද්‍යාත්මක හෝ සමාජවිද්‍යාත්මක දෘෂ්ඨි කෝණයක් නොව රට කරවන අයගේ අතාර්කික අන්තවාදී අතීතකාමී පුහු මතවාදයකි. මේ හේතුකොට ගෙන ශී‍්‍ර ලංකාවේ සමස්ත රූපවාහිනී ක්ෂේත්රය වෙනුවෙන්ම සිදුවීමට තිබූ සාධනීය විවේචනයක් මගහැරී ගියේය. කෙටි ඉඩක් තුල වුවද මේ උත්සාහය ශී‍්‍ර ලංකාවේ රූපවාහිනී ක්ෂේත්රය පිළිබඳ යම් සාධනීය විවේචනයකට මග එළිපෙහෙළි කිරීමයි.
මේ පිළිබදයව අවධානය යොමු කිරීමේ දී මාගේ ප්‍රථම ඉලක්කය වනුයේ කලාත්මක අරමුණකින් තොරව නිපදවා ඇති රන්දෙපැය වැනි කතාමාලාවක් තුලින් සෘජුවම පේ්රක්ෂකයා වෙත සිදුකරන මනෝවිද්‍යාත්මක බලපෑම පිළිබදව විමසා බැලීමයි. මේ සඳහා ඇල්බට් බන්ධූරාගේ සමාජ ඉගෙනුම් න්‍යාය මනා පදනමක් සපයනු ලබයි. (එනම් සමාජයේ නිරීක්ෂණ, අනුකරණ හා ආකෘති මගින් අප ඉගෙනගන්නා බවයි. (ලොව සමීක්ෂණ අතිවිශාල ගණනකින් ඔප්පු කොට ඇති මෙම න්‍යායය තුලින් පැහැදිලි කරන කරුණු සැබැවින්ම රන්දෙපැයට පමණක් නොව සියළු මාධ්‍යයනට පොදු වූ කාරණයකි.) එහිදී රන්දෙපැය තුල වන කැමරාකරණයේ හා සංගීතයේ සිට එය පේ්රක්ෂක ආකර්ෂණය වැඩිකිරීමටත්, එහි කතාව දිග්ගැස්සවීමටත් යොදා ගන්නා ප්රචණ්ඩත්වය අතිශය නිශේධනාත්මක ලෙස පේ්රක්ෂක මනසට බලපායි. එහිදී මිනිස් මොළයේ වන ස්කිමාවන් වල තැම්පත් වන මතකයන් ඔස්සේ ප්රජානන සිතියම (Cognitive Structure) සකස් වීම මත අවස්ථානුකූලව අදාළ ඉගෙනුම් චර්යා ඉස්මතු වීමේ අවධානමක් විද්‍යාත්මකව පෙන්වා දී ඇත. උදාහරණයක් ලෙස අන් කෙනෙකු කෙරෙහි වෛරයක් ඇතිවූ විට එය ප්‍රකාශ කරන ආකාරය පිළිබඳව පූර්වාදර්ශයක් මේවා තුලින් ලබාදෙන බවයි. එමෙන්ම තමන් තරහ, වෛරය, ඊර්ෂ්‍යාව ඇතිකර ගත යුත්තේ කුමන අවස්ථාවකද යන්න පිළිබඳවද වන ඉගෙනුමක් මේ තුලින් ලබා දේ. ( වැඩිදුර අධ්‍යනය සඳහා http//faculty.ncwc.edu/ TOConnor/psy/psvlec108-htm වෙබ් ලිපිනය කියවන්න. මේ ආකාරයේ අහිතකර මාධ්‍ය භාවිතය පිළිබඳව පර්යේෂණ, සමීක්ෂණ පැවැත්වීමටත් ඒ අනුව කි‍්‍රයාත්මක වීමට බලධාරීන්ට බල කිරීමටත් පිහිටුවාගෙන ඇති ඇමරිකාවේ http// www.parentstv.org/ptc/ facts/mediafacts.asp. වෙබ් ලිපිනයෙන්ද තොරතුරු විශාල ප්‍රමාණයක් ලබාගත හැක.)
මෙම අවධානම වඩාත්ම බලපානුයේ ලාබාල වයසේ සිටිනවුන්ටය. සමාජය තුලින් තම ජීවිතයට අදාළ වන ප්‍රායෝගික දැනුම සොයා යන කුඩා ළමුන් අතාත්වික ප්‍රචණ්ඩත්වයට වීරත්වය ආරෝපනය කිරීම මත එය තම ඉදිරි ජීවිතයේ ආදර්ශය කොට ගැනීම වළක්වනු නොහැක. නිරතුරුවම පළිගැනීම් සාධාරණය කිරීම, අතාත්වික අංග රචනය (වයසක චරිත සඳහා තරුණ අය ඒ අයුරින්ම භාවිතා කිරීම) , ආගන්තුක සංස්කෘතියක් තමන්ගේ ලෙස බාරගැනීම් වැනි කාරණා ළමා මනසට නිශේධනාත්මක ලෙස බලපෑමේ හැකියාවක් ඇත. නිවරැදි සංජානනයකට දැවැන්ත අවහිරයක් වනු ඇත. ළමුන්ට වන මාධ්‍ය බලපෑම් යනු වඩා පුළුල් ක්ෂේත්රයක් වන අතර එය වෙනම ගෙන අධ්‍යනය කළ යුත්තක් වේ.
රන්දෙපැය පිළිබඳව වන කතිකාව තුල සමාජයේ තරමක මුල් බැසගත් සාධනීය මතයක් වූයේ මෙය ස්තී‍්‍රවාදී වන්නක් බවත් ඒ හේතුකොට ගෙන එය කාන්තාවන් අතර ජනපි‍්‍රයව ඇති බවත්ය. එසේ නම් රන්දෙපැය සැබැවින්ම ස්ත්‍රීවාදී ද යන්න විමසා බැලිය යුතුය.
රන්දෙපැය සැබැවින්ම ස්ත්‍රීවාදී නම් එය කාන්තාවගේ සමාජ භූමිකාව පිළිබඳව හඩක් නැගිය යුතු වේ. මන්ද ස්ති‍්‍රයට අසාධාරණයක් හෝ වෙන්කොට සැළකීමක් සිදුවන්නේ සමාජ නිර්මිතයක් වන ස්ත්‍රියගේ භූමිකාවේ වන ප්රශ්ණකාරී බව හේතුකොට වීමය. සරලව ගතහොත් සමාජය ස්ත්‍රිය යන භූමිකාව තුලින් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන කාරණය ඇයට සිදුවන අසාධාරණයේ මූල බීජය වන බැවිනි. නමුත් ඒ ආකාරයේ ප්‍රවේශයක් රන් දෙපැයෙහි වන එකදු නාට්‍යයක වත් දැකගැනීමට නොහැකි වේ. ඒ වෙනුවට පවතින සමාජ ක්‍රමය තුල ව්‍යූහාත්මකව ස්ථාපිතව ඇති ස්ති‍්‍රයගේ භූමිකාව තව දුරටත් සාධාරණීකරණය කිරීමටත්, ඊටත් එහා ගොස් එය තවදුරටත් ශක්තිමත් කිරීමත් පමණක් නිරීක්ෂණය කළ හැක. උදාහරණයක් ලෙස ස්ති‍්‍රයගේ විවාහය යන කාරණය තුලදී තමන්ට ඒ පිළිබඳව තීරණයක් ගැනීමට ඇති නිදහස නොමැතිවීම යන කාරණය ප්‍රශ්ණ කරනවා වෙනුවට ස්ති‍්‍රයක් වීම එකී අයිතිය අහිමි වීමට හේතුවක්ය යන අදහස මෙහිදී ස්ථාපිත කරනු ලබයි.
පවතින ව්‍යූහාත්මක රාමුව තුල යම් වීරත්වයක් කාන්තාවට ලබා දීම මෙහිදී ස්ත්‍රීවාදී ලෙස හුවාදැක්වීමක් සිදුකරන බව පෙනී යයි. සාම්ප්‍රදායික පීඩිත කාන්තාවනට තාවකාලික තෘප්තියක් එමගින් ලබාදීමේ හැකියාවක් ඇත යන තර්කයක් පැවතුනද ස්ත්‍රීවාදී දෘෂ්ඨිකොණයෙන් ගත් කළ සැබෑ අර්බුදය යටපත් කිරීමක් මෙමගින් සිදුවේ. එනම් ස්ති‍්‍රයක් ලෙස තමන් මුහුණදෙන පීඩනය තාවකාලිකව යටපත් කිරීම මත විසදුම් සෙවිය යුතු ව්‍යූහාත්මක ගැටළුව මගහැරී යාමයි. සැබෑ ලෝකයේ දී ඉටුකරගත නොහැකි දෑ සමූහයක් ( කාන්තාවන්ට වීරත්වයක් ආරෝපණය කිරීම, මිලෙන් අධික ඇදුම් ඇඳීම, කෙතරම් වයසට ගියත් තරුණ පෙනුමකින් යුතු වීම වැනි දෑ) ෆැන්ටසියක් තුලදී ඉටුකර දීමක් මෙහිදී සිදුවේ. කෙසේ වුවද මානසිකව තෘප්තිය ලැබෙන නවමු ප්‍රවේශයක් එහි නිෂ්පාදකවරුන් හදුනා ගැනීම හා එය වෙළඳපොළ ආකර්ෂණයට යොදා ගැනීම පමණක් මින් දැකගත හැක. ඒ අනුව රන්දෙපැය තුල ලාභය ඉපැයීමට එහා ගිය සාධනීය අරමුණක් නොමැත යන කාරණය තව දුරටත් ඔප්පු වේ.
මේ ආකාරයට සමස්තයක් ලෙස රන්දෙපැය පිළිබඳව විවේචනය ඉතා දීර්ඝ එකක් වුවද ඒ සඳහා ප්‍රවේශයක් සකසා ගැනීමට පමණක් මෙහිදී උත්සාහ කරමි. රන්දෙපැය ඉන්දියානු වූ පළියට එය හරසුන් වීමටත් ශී‍්‍ර ලාංකික වීම නිසාවෙන් පබා හෝ බට්ටී හරයාත්මක වීමටත් නොව රූපවාහිනී වැඩසටහන් සියල්ල නැවත කියවීමක අවශ්‍යතාව මෙමගින් අවධාරණය කෙරේ. ඒ මේ අපේ රට නිසාත් එසේ සිදුකිරීම මගින් මාධ්‍යයන් රටකට, ලෝකයට, මනුෂ්‍ය වර්ගයාටම හිතකාමී ලෙස යොදා ගැනීමට ඇති අවශ්‍යතාව හේතුකොට ගෙනය.
අවසාන වසර නිබන්ධනය ඇසුරිනි
ප. ලි. මාගේ විමර්ශනය සිදුකෙරුනේ රන්දෙපැය මූලික කරගෙන නිසා එය පමණක් මූලික ව අවධාරණය කර ඇත. නමුත් මෙහි එන කරුණු අඩු වැඩි වශයෙන් දැනට පවතින අනෙකුත් ටෙලිනාට්‍ය සදහාද බලපා ඇත.

නැගෙනහිර වි. විද්‍යාලයේ තවත් ශිෂ්‍යාවක් සියදිවි නසා
නැගෙනහිර වි. විද්‍යාලයේ තවත් ශිෂ්‍යාවක් සියදිවි නසාගෙන කියලා ඊයේ වාර්තා වුණා. ක්ෂණික පිළිතුරක් ලබා දුන් උපකුලපති වරයා පවසා සිටියේ ඇය මානසික රෝගයකින් පෙළෙන්නියක් බවයි. පසුව දැනගත් ආකාරයට ඇය පුදුකුඩියිරුප්පු ප්‍රදේශයේ පදිංචි කාරියක්. ගැටළුව පැහැදිලිය. තමන්ගේ ප්‍රදේශයේ සිටින දෙමාපියන්, නෑදෑ පිරිස ,සොයුරු සොයුරියන් සියළු සැපසම්පත් සහිතව වාසය කරන බවට ඇයට ඒත්තු ගොස් තිබෙන්නට ද ඇති. මන්ද ත්රස්තවාදීන්ට පමණක් වදින සමූහ නාශක අවි රැගත් බෝසත් රණවිරු පුතාලා වගේම සියයට 100ක් හරියට ගුවන් ප්‍රහාර වලට සමත් අපේ ගුවන් හමුදා පුතාලා ඒ පැත්තෙ කැරකෙන බව ඇයට ආරංච් වෙන්නට ඇත. තමන් සිහිනෙකින් වත් නොසිතූ සැප සම්පත් ළගා වන හෙයින් එය දරා ගත නොහැකිව ඇය උමතු වන්නට ද ඇත. තමන් ව වව්නියාවේ Concentration Camp ගාල් කිරීමට සූදානම් වන නිසාදෝ පස්වනක් පී‍්‍රතියෙන් පිනා ගොස් මතු මතු භවයේ දී මේ පොළොවෙම ඉපදීමට පැතුම් පතා ඇය තමන් ගේ ඇගට භූමිතෙල් වක්කරගෙන ගිනිතියාගෙන ඇත. මෙසේ හොදින් කරුණු පෙළ ගැසුණු නිසා මේ සිදුවීම පිළිබද කරුණු නොදැනෙන සේ සිටීමට අපිට හැකිය. එය කප්පම් ගැනීමට මරා දැමුණු වර්ෂා හෝ රුබෙල්ලා එන්නත විසවීමෙන් මිය ගිය දැරිය සිද්ධිය වැනි දකුණේ ආතල් කඩන සිදුවීමක් නොවුනේ එහි පසුපස වන සිදුවීම වඩා ඛේදජනක බව යටිහිත කියන නිසාය, එයට අපද වගකිව යුතු බව දන්නා නිසාය.සුනාමියක් එනවා යැයි පැතිරගිය කටකතාවකට කිහිපදෙනෙකුටම හෘදයාබාධ හැදිනි. තවත් කිහිපදෙනෙක් තෙරපිලා මිය ගියහ. ඒ අනෙකාට පෙර පණබේරා ගැනීමට දියයාමෙනි. එහෙත් උතුරේ තමන් මෙන්ම ලේ මස් නහර වලින් සැදුම් ලත් පිරිසකට දිනපතා සමූහ නාශක බෝම්බ, පොකුරු බෝම්බ, එක පිට එක මල්ටි බැරල් එල්ලවන විට අවසංවේදී වී සිටීමට මේ නරුම ජනතාවට හැකිව ඇත. එය වෛරයට වඩා නරුම කමයි. සමහරෙකුට ඒවා හමුදාවෙන් සිදු නොවන දෑය. සිදුවුවත් අත්වැරදීමකිනි. එම නිසා 2800ක් සාමාන්‍ය ජනතාව මිය යෑමේ ත්‍රස්තවාදි කුමන්ත්රනකි. කුඩා කළ සිටම ළිං ගෙඹි පුරුද්ද නිසාවෙන් එම ජාතකයම විශ්වාස කරනවා හැරුණු කොට අන්තර්ජාලයෙන් ලෝකෙ විවෘත කර තිබුණද ළිං ගෙඹි සංස්කෘතිය අත් නොහරිති. එහෙත් ඇමරිකාවේ ඉරාක ආක්රමනයේදී සාමාන්‍ය ජනයා ලක්ෂ 6ක් මිය ගිය බව පිළිගනී.අහඹු ලෙස පත්තුවෙන රතිඤ්ඤා හඩ කට ද බිය වන අපේ ඇත්තන්ට සිදු විය යුතු හොදම දිට්ඨ ධම්ම වේදනීය විපාකය නම් විහිළුවට හෝ ඉන්දියාවට කියා මල්ටිබැරල් කිහිපයකින් දකුණේ සිටින දේශප්‍රෙමී ජනතාවට වෙඩි තැබීමය. (මැරෙන්න නොවේ, කකුළක් අතපයක් කැඩුනට කමක් නැත) ඉන්දීය ජෙට් යානයකින් බෝම්බ කිහිපයක් දෑමීමය. එවිට දකුණේ උන් පස්ස නොබලා දුවන හැටිත් කී දෙනෙකුන් පිස්සුවෙන් උමතු වේද යන්නත් දැකගත හැක.එවිට මේ සද්ද බද්ද පුරුදු ජනයා සිනා සීසී බලා සිටිනු ඇත.
ගීතයෙන් කාන්තාව
ගීතය සංස්කෘතික අංගයක් ලෙස ශී‍්‍ර ලාංකික ජන මනස තුල සැළකිය යුතු අවධානයක් යොමුකරවා ගැනීමට සමත්ව ඇත. මෙහි වන විශේෂත්වය නම් වඩා සෞන්දර්යාත්මක චින්තනයකට මුසුවෙමින් ඊට සරිලන ආකාරයේ රිද්මයක හා සුමියුරු සංගීත රටාවන් අනෙකුත් වින්දන මාධ්‍යයනට වඩා වෙනස් වූත් මනහර වූත් රසඥතා ආරක් මිනිස් මනසට හ`දුන්වා දීමයි. එසේ හෙයින් ආකෘතිවල වෙනස්කම් වලින් යුතු වුවද ගීත වින්දනය තව දුරටත් ව්‍යාප්ත වෙමින් පවතී.
ගීත රචනයකදී ගීත රචකයා විසින් නියෝජනය වනුයේ සමාජය තුල ස්ථාපිතය ඇත්තාවූ පොදුජන විඥානයයි. එසේත් නොමැතිනම් ගීතය තුළින් ඉස්මතුවන අදහස් පොදුජන මනස වෙත ද යම් බලපෑමක් සිදුකරනු ලබයි. එ් අනුව ගීතය හා ජනවිඥානය යන විචල්‍යන් අතර අනෝන්‍ය සබඳතාවක් ඇත.
ගීත රචනය සඳහා වස්තු බීජ සපයා ගැනීමේදී වඩා සුලබව භාවිතා කෙරෙන සුලබ වස්තු විෂයයන්, සුලබ උපමාවන් කිහිපයක් දක්නට හැක. ඉර, හඳ, යෞවන ප්‍රේමය, මව් ගුණය ඒ අතරින් කිහිපයකි. ඒ අතරින් ”කාන්තාව” යන වස්තු විෂයද අතිබහුල ලෙස ගීත සාහිත්‍ය තුල භාවිතා කර ඇත. එය විවිධාකාරයේ දෘෂ්ඨිකෝණයන් වලින් විග්රහ කොට ඇත. මේ සඳහා ඉතා ඈතට විහිදී ගිය ඉතිහාසයකට හිමිකම් කියන අතර මෑත කාලය තුල වුවද එකී සුලබ බව නොවෙනස්ව ඇත.
මෙම ලිපිය තුල මාගේ උත්සාහය වනුයේ ශී‍්‍ර ලාංකික මෑතකාලීන ගීතය තුලින් පැහැදිලි වන ස්ති‍්‍රයගේ භූමිකාව පිළිබඳව වන ආකල්පය හ`දුනා ගැනීමයි.
වචනය සහ වාක්‍ය සඳහා සෞන්දර්ය මුසු කොට ඊට සමාන්තර රිද්මයකට අනුව හැඩගැන්වෙන ගීතය තුල කාන්තාව යන භූමිකාව හ`දුනා ගැනෙනුයේ පිරිමියාට සාපේක්ෂවය. මිනිසාගේ සාහිත්‍යමය නිර්මාණයන් බිහිවීම පීතෘ මූලික සමාජ පසුබිමක සිදුවන නිසාදෝ බොහෝ විටෙක පිරිමියා යනු දැඩි, රළු, බලවත් චරිතයක් ලෙසත් කාන්තාව යනු බොළඳ, සුකුමාල, අහිංසක, සංවේදී මේ නිසාම බලයෙන් හීන අයෙකු ලෙස සාමාන්‍යකරණය කරයි.
බොළඳ ලියා සුකොමලියා - මාව දමා යන්න ගියා
තමන් වෙත අහිතක් සිදුකළද ස්ත්‍රිය කෙරෙහි වන ආකල්පය එසේමය. මෙකී ආකෘතිය නොයෙක් ආකාරයෙන් සෞන්දර්ය පිරිවරා ඉදිරිපත් වේ. එවන් විටෙක දෘඩ වූ බඹරා පිරිමියා වන විට සියුම් ලස්සන මල කාන්තාව බවට පත්වේ.
මලින් මලට පියඹලා - රොන් උරන්නේ නැහැ මෙමා
ඔබේ රුවට වස`ග වෙලානේ - රස මියුරු මේ සැන්දෑවේ
ආදරේ කියයි මෙසේ................
ගීත රචකයා තම අවිඥානික හැඟීම මනා ලෙස ඉදිරිපත් කරනු ලැබේ
බඹර පහස ලබන මලක්දෝ - බඹර සුවය සොයන මලක්දෝ
මෙම ගීත රචනයෙහි සෞන්දර්ය ඉවත් කළ හැකිද? එවිට ඉතිරිවන අර්ථය කුමක්ද? පිරිමියා සහ ගැහැණිය අතර වන බල සබඳතාව වටහා ගැනීමට මෙය පිටුවහලක් වනවා නිසැකය. සරලව ගතහොත් පිරිමියා ප්‍රබලයා සහ කාන්තාව දුබලයා වේ.
මෙවැනි වටපිටාවක් තුල කාන්තාව යනු ශක්තියෙන්, බලයෙන් සතු නොවන සුකුමාල, අහිංසක තැනැත්තියක් වන විට පුරුෂයා යනු කාන්තාවට අවශ්‍ය රැුකවරණය සලසන තැනැත්තා වේ. බල ව්‍යූහය තුල කාන්තාවට සාපේක්ෂව ඉතා ඉහළ බලයක් පුරුෂයා සතුකර ගනී.
මේ නිසා ස්වභාවික සිදුවන සත්‍රී පුරුෂ ආකර්ෂණය තුලදී ඇගේ ආදරය ලබා ගැනීමට බල ධූරාවලිය තේරුම් ගෙන තමන්ගේ බලයෙන් ශක්තියෙන් කාන්තාවට රැුකවරණය සැලැසනවා යැයි අල්ලස් දීමට ඉදිරිපත්වන්නෝ සිටිති.
මැණිකක් රකිනා නා රජිඳෙකු සේ
මම ඔබ නිරතුරු රකිමී..........
තමන් බලධූරාවලියේ පිරිමියාට වඩා පසුපස බව සිතනා කාන්තාවන් ද පිරිමියාට දෙවැනි වී ඔහුගේ සරණ පතා යති.
ඔබගේ සෙවණේ දැනෙන සහනේ - වේවා සදා වාසනාවන්
ඔබගේ සරණේ නොනිමි සෙනෙහේ - සසර සරණ තුරුම වාසනා
එකී සෙවණේ බැඳීමට සමහරුන් එක`ගවන්නේ තවත් කාර්යයන්ද ඉටුකර දෙන බව පවසමිනි.
නුග සෙවණක් සේ නුඹට සෙවණ සදන්නම් ළ`දුනි
ම`ද පවනක් සේ නුඹට සිසිල සදන්නම් ළ`දුනි
තම සරණ පතා පැමිණෙන ස්ත්‍රීන් වෙත ලොබ බැඳගත් පිරිමින් අන් පිරිමින් හා දැඩි තරඟයක නිරත වන්නේ සැබෑවටම ස්ති‍්‍රයට ඇති ආදරේ නිසාද නැතිනම් තමන් තුල ඇති ලෝබය නිසාද?
ඔබ තෙමෙයි කියා බයයි - වැසි වසියි සුළං තදයි
කුඩයට ඔරොත්තු නොදෙයි - සාරිය පිට මඩ ඉහෙයි
සළුපිළි සිරුරට ඇලෙයි - පිට මිනිස්සුන්ට පෙනෙයි
සඟවන්නෙමි ඔබ මගෙන් - දිව එන්නට මට හිතෙයි
අන් පිරිමියා සමඟ වන තරඟය තව තවත් උත්සන්න වෙයි. ඒ කෙතෙක්ද යත්, තමන්ගේ වස්තුව (භාණ්ඩය ?* තවත් කෙනෙකුට පෙන්වීමට වත් අකමැති වෙයි.
සඟවා ගනු මැන ඔබෙ රුව සොඳුරියෙ
අන් කිසිවෙකු ඔබ මුවමත ගැටෙතැයි මා හද බියෙවී
සැලී සැලී යයි...............
තවත් තර්ජනය උත්සන්න වූ විට තම ස්ති‍්‍රය ලෝකයෙන්ම හුදෙකලා කොට තැබීමට පවා පිරිමියාට සිත්වේ. ඒ එවිට පිරිමින් නොමැති නිසාත් තමන්ගේ වස්තුව තමන්ගෙන් සොරා ගැනීම යන සැකය ඉවත් වන නිසාත්ය.
මහ වන පියසක අඳුරු ගුහාවක
යම් දිනයෙක ඔබ සඟවා තබනෙම්
එකී තණ්හාවේ උපරිම ස්ථානයේදී තමන් විඳින රුව හිරු රැුසකට පවා විඳීම ඊර්ෂ්‍යා එළවෙන සුළු සිද්ධියක් වේ.
හිරුරැුස් බිඳකුදු ඔබෙ රුව දුටු සඳ
ඉරිසියාවෙන් පිරවෙයි මා හද
මේ ආකාරයෙන් ගැහැණිය පිරිමියාට අයිති වන ක්‍රියාදාමය ඇරඹේ. එය නීතිිය තුල, සංස්කෘතිය තුල, ආගම තුල ද කාලානුරූපීව ස්ථාපිත වේ. නමුත් ගීතය තුල බොහෝ දුරට සැබෑම මානුෂීය හැඟීම් ප්‍රකාශ වන නිසා එමඟින් සැබෑම සමාජ තත්ත්්වය හා යථා හැඟීම් ප්‍රකාශ කරනු ලබයි.
මේ ආකාරයට පිරිමියා විසින් ස්ත්‍රිය කෙරේ ආධිපත්‍ය පතුරුවාලීමට කරන උත්සාහයේ දී ස්ත්‍රිය සිදුකරනුයේ මිනිසුන් බොහෝ දෙනෙකු මෙන් මෙම ආධිපත්‍ය අභිබවා යාමකට වඩා එ් සඳහා අනුගත වීමයි. එනිසා ඇය තමන්ව ආධිපත්‍යයට ගැනීමට සුදුසු පිරිමියෙකු සොයයි. ඒ සඳහා තමන් කාන්තාවක ලෙස වන සුදුසුකම හ`ඩඟා කියයි.
ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා හිනාවෙන්න
ආදරේට කොනිත්තලා පෑල දොරෙන් පැන දුවන්න
?ට ?ට ඉහ ඉද්දර කොඳුර කොඳුර කවි කියන්න
පාට පාට පන්පැදුරේ මටත් ටිකක් ඉඩ තියන්න
එ්ත් සමඟම කාන්තාවන් අතරද තරඟයක් ඇති වන්නේ තමන්ට සරණ යාමට හොඳම පිරිමියා සොයා ගැනීම සඳහාය. මේ නිසා තමන් ලබන පිරිමියාට තමන් විසින් සිදුකරන ආවතේව කටයුතු හා තමන් සතු වන හැකියාවන් ඇය විසින් පවසනු ලබයි.
හාල් ගරන්නත් පුළුවන් වතුුර තියන්නත් පුළුවන්
ඇට්ටකුණා වෙන්නෙ නැතුව බතත් උයන්නම්
හොදි එ්දන්නත් පුළුවන් කූරුගාන්නත් පුළුවන්
අඩුගානේ කිරිහොද්දක් හදල තියන්නම්
තමන්ට පුරුෂාධිපත්‍ය සමාජය විසින් නියම කරන ලද කාර්යභාරය මේ අනුව අවිචාරවත්ව භාරගනු ලබයි. තමන්ට හිමි ස්ථානය සඳහා වන තරඟයට ඉල්ලූම්පත්රයට අදාළ සුදුසුකම් ප්‍රකාශ කිිරීමට ඇය කිසිවිටෙක මැලි නොවෙයි.
මල් හිටවන්නත් පුළුවන් - වල් ගලවන්නත් පුළුවන්
පහන් පැළක් වගේ ගෙපැල එළිය කරන්නම්
හොඳට අ`ඩන්නත් පුළුවන් - නාඩාම ඉන්නත් පුළුවන්
ටිකදොහකින් දරු පැටියෙක් තෑගි කරන්නම්
ලිංගික ඊර්ෂ්‍යාව යනු අතිශය දරුණු දෙයකි. තමන් සතු වස්තුවක් අන් කිසිවෙකු පළුද්දකට ලක් කළා යැයි සිතුනොත් හට ගන්නේ දැඩි වේදනාවකි.
පුංච් ද`ගකාරියේ විහ`ග ගීයෙන් ගැයූ
කිමද රණ තිසර ලියතඹර පෙති ගිලිහියේ
කවුරුන්ද මල් වයසේ මගේ යහන ගිනිබත් කළේ
මනමාලියේ
කාන්තාවකගේ පාරිශුද්ධත්වය ඇය අයිති වන පිරිමියා පමණක් නොව අනෙක් පවුලේ සාමාජිකයින් ද විමසිල්ලෙන් බලා සිටින්නකි.
සුදු පිරුවටයයි මංගල යහනයි ක`දුලින් තෙමණු එපා
ඔබේ නිදොස් බව ලොවට කියන්නම්
මට දොස් න`ගනු එපා
මෙකී ඉල්ලූම් පත්‍රයේ තිබෙන සුදුසුකම් ලැයිස්තුව ධනවාදී ක්‍රමය අප ආක්‍රමණය කිරීමට පෙර සකසුවූවකි. විශේෂයෙන්ම සුදුසුකම් ලැයිස්තුයට මූල්‍යමය සාධකය පැමිණෙනුයේ ධනවාදයේ ආක්රමණයත් සමඟය
මුදල් යනු මානුෂීය හැඟීමක් නොවන නිසාත් ගීත රචකයා බොහෝ දුරට සැබෑ මනුෂ්‍යත්වය තුලින් ආමන්ත්‍රණය කරන නිසාත් ධනවාදයේ ආධිපත්‍ය තුල වුවද මූල්‍යමය සාධකය බොහෝ දුරට ගීත රචනය තුලින් ඉදිරිපත් නොවේ. නමුත් මෙකී අර්බුදය ගීත සාහිත්‍ය තුල වෙනත් දෘෂ්ඨිකෝණයන් මඟින් ඉදිරිපත්ව ඇති ආකාරය දැකගත හැක.
දෑවැදි දෙන්නට රන්මසු පොදි නැති ගෙදරට බරවුණු බාල නෙඟ්
නුඹ ගෙනියන්නට ගමෙත් කෙනෙක් නෑ රටෙත් කෙනෙක් නෑ බාල නෙඟ්
මේ අතරතුරදී ප්‍රායොගික ජීවිතයේ දී කෙසේ වෙතත් ගීත නිර්මාණය තුලදී තම හෘද සාක්ෂිය තව දුරටත් පවතින හෙයින් ධනවාදී ක්‍රමයට එරෙහි වීමට එතරම් වෙහෙසක් අවශ්‍ය වන්නේ නැත.
රවුම් කඬේ ළ``ග හිටගෙන ඉ`දපන්
ඉවුම් පිහුම් ගැන නිතරම සිතමින්
දෑවැද්දත් අරගන්නෑ මම නම්
පෙරැුත්ත නැතිවම කරත්තේ නැ`ගපන්
ධනේෂ්වර ක්රමයේ ආගමනය එතෙක් පැවති සමාජ තත්ත්වයන් කෙරෙහි දැවැන්ත අභියෝගයකට ලක්කලා පමණක් නොව එය අනිවාර්යය වූවක් ද විය. එය සුභවාදී අසුභවාදීද යන්න වෙනමම සාකච්ඡුා කළ යුත්තකි. කෙසේ වුවද කාන්තාව පිළිබ`දව වන ප්‍රතිරූපය ධනවාදී සමාජයේ අභියෝගයට ලක්වීම පිරිමියා අතිශයින්ම කම්පනයට පත්කළ තත්ත්වයකි.
ශිල්ප සො`දින් දැන ගන්ට ගිහිං නුඹ යහතින්දෝ කොලොම්පුරේ
ඉන්න නොවේ මියැදෙන්න සිතයි මට නුඹ නැතිහන්දා මං තනිවේ
අකමැත්තෙන් වුවද සිට ජීවිකාව වෙනුවෙන් නගරයට ගොස් අධ්‍යාපනය ලැබීම හෝ රැුකියාවක් කිරීමට සිදුවේ. එකී වෙන්වීම පසුපස පුරුෂ ආධිපත්‍ය ගිලිහී යාමේ කම්පාවද දැක ගත හැක.
මෙවලම් මොකටද මෙතරම් පැළදුවේ සමනලියේ
උස්වැඩි පාවහන් යුගල යයි විසිවී ලොල්ලේ
මල් පෙත්තක පාට ගෑවේ ඇයි සියුමැලි දෙතොලේ
කොළඹ ගිහිං ඉගෙන ගත්තේ මේවද මගේ කෙල්ලේ
ධනවාදී සමාජය ස්තී‍්‍රපුරුෂ සීමාකම් නොසලකා නිදහස් තර`ගයට ආරාධනා කරයි. කාන්තා ලාභ ශ්රමයට ඉල්ලූම වැඩිය. එනිසා ගමේ කාන්තාව නගරයට විත් රැුකියාව සම`ගම සංස්කෘතියට හුරුවීම නිසැකයෙන්ම සිදුවේ. එය ගමේ පිරිමියා දකිනුයේ තමන්ට අභියෝගයක් ලෙසත් තමා ට ළ`ගා නොවිය හැකි දෙයක් ලෙසත්ය. මෙනිසා ඔහු තමන්ගේ විරෝධය දැඩිලෙස ප්‍රකාශ කරයි.
මේ අතර කාන්තා ආකර්ශනයේ ප්‍රධාන දේ බවට පත්වන්නේ ද මුදල්ය. එසේ මුදල් නොමැතිව කාන්තාව තමන් ට අහිමි වූ පිරිමින් බොහෝමයකි.
රන් මසු නෑ කියා
මා දිළි`දුයි කියා
කීවා ......
මට තව මතකයි ඒවා
කවුළු පියන් පත් වහන්න ස`දළු තලාවේ
ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ
මේ අතර පසු ධනවාදී සමාජය තුල කිසියම් වූ වෙනසක පෙරනිමිති ද දක්නට ඇත.
මදුරු කොයිල් පත්තු කරලා ඔබ ගාවින් තියන්නම්
එළිවෙනකම් නිදිමර මර මදුරුවෝ ටික තලන්නම්
පොල් කඩලා ගාලා දෙන්නම්
මම කියන වැඩක් කර දෙන්නම්
මොකද අඩු පාඩු මගේ....
සෞන්දර්ය සපයන්නා වූ වස්තු විෂයක් ලෙස කාන්තාව තරම් වන අන් දෙයක් නැති තරම්ය. එහෙත් ඇය සම්බන්ධයෙන් අප කෙතෙක් දුරට සංවේදී යන්න පැහැදිලි කරගැනීමට බස් රථයකට ගොඩවුවත් ප්රමාණවත්ය. ඇයට වි`දීමට සිදුවන සෘජු ප්රචණ්ඩත්වයන් අසීමිතව තිබෙන කළෙක, ඇයට මිනිසෙකු ලෙස අනිවාර්ය කොට ඇති දුක්ඛිත තත්ත්වයන් (සංස්කෘතික, ආගමික, ව්‍යූහයන් පිළිබ`දව අප කවදා සංවේදී වෙමුද.......@

රටකරනා දේශපේමීහු
ශ්‍රී ලංකා වීරෝධාර හමුදාවන් විසින් දකුණේ ජනයාගේ පොදු ෆැන්ටසිමය අනෙකා* විනාශකළ පසු අපගේ මහරජාණන් වන මහින්ද රාජපස්ස ශ්‍රී මතානන් විසින් දකුණේ ජනතාවට අළුත් අනෙකෙකු සොයා දීමට තරම් කාරුනික විය. ඒ දේශප්‍රේමී දකුණේ බහුතරය සදහා දේශද්‍රෝහී සුළුතරයකි. මෙතැන් පටන් ශ්‍රී ලාංකිකයින් විසින් මුහුණදෙනු ලබන සියළු අසාධාරණකම්, අපහසුතාවන්, හිංසනයන් සදහා මෙම දේශද්‍රෝහීන් වගකිවයුතු යැයි ෆැන්ටසියක් ගොඩනගා ඇත.මේ බෙදාදැක්වීම තුල මාගේ ස්ථානගත වීම කොතැනක දැයි මා මදක් විමසා බැලුවේ කාගේත් හිතසුව පිණිසය. මේ බෙදීම වචනවලට සාපේක්ෂව නොව මාගේ පාර්ශවය හදුනාගැනීම සදහාය.මම• වත්මන් ආන්ඩුව දෙමළ ජනයා එල්ටීටීයෙන් මුදාගත් පසු සියළු සමාජ අසාධාරණයන්ගෙන් ඔවුන් මුදවා ගැනීමට කටයුතු කරනු ලබන අතර, ඒ සදහා දෙමළ ජනයා පීඩාවට පත්වූ ව්‍යූහමය සාධකයන්ට මෙම ආණ්ඩුව පිළිතුරු දෙතැයි විශ්වාස කරන දේශප්‍රෙමී පාර්ශවයට අයත් නොවේ.• දෙමළ ජනතාවගේ අනන්‍යතාව පිළිනොගන්නා , සුළුජාතීන් මහජාතියට යටත්ව සිටිය යුතුයැයි විශ්වාස කරන දේශප්‍රෙමී පාර්ශවයට අයත් නොවේ.• සුනාමි මුදල් ගසා කෑ, පොහොර සහනාධාර ගසා කෑ, දුප්පතුන්ගේ මිල මුදල් වලින් ගසා කන පිරිස හා එකට සිටගන්නා දේශප්‍රෙමියෙකු නොවේ.• කුලියට මිනී මරන, කප්පම් ගන්නන්ට උදව් කරන, දුප්පතුන්ගේ ඉඩම් ගසා කන, කුඩු විකුණා මඩිය තර කරගන්නා දෙශප්‍රෙමීන් සමග එකට සිටගන්නෙක් නොවේ.• එක් පවුලකට රට ලියාදෙන, තමන්ගේ පරම්පරාව රටේ බලය තබා ගැනීමට කැසකවන පිරිසකට එකග වන පිරිසක් හා සිටගන්නා දේශප්‍රේමියෙකු නොවේ.• පාලම් පාරවල් තැනීමට කෝටි ගණන් කොමිස් ගහන, ආයුධ සමාගම් වලට රට විකුණන අයවලුන් සමග එකට සිටගන්නා දේශප්‍රේමියෙකු නොවේ.• මැරුණු කාන්තාවන් දුෂනය කරන, මැරුණු අයගේ කන, කර බඩු හූරා කන , ලැප්ටොප් රත්තරං බඩු හොරෙන් අදින අය හා එකට සිටගත් දේශප්‍රේමියෙක් නොවේ.• පැමිණිලිකාරියන් දූෂනය කරන, දේශපාලුවන්ට දෙකට නැවෙන, සැකකරුවන් මරාදමන පොලිසියක් හා එකගවන දේශප්‍රේමියෙකු නොවේ.• උපාසිකාවන් දූෂනය කරන, පිනට හම්බකර නිකං කකා කෝටිපතියන් වන , බුදුබණ වෙනස්කොට ජනතාව අන්දන බෞද්ධ භික්ෂූන් හා එක්ව සිටගන්නා දේශප්‍රේමියෙකු නොවේ.• බස්එකේ ජැක් ගහන , කාන්තාවන්ගේ කොතැනකටහෝ ඔබන්නට දගලන ස්ත්‍රී පීඩක පිරිමින් සමග එක්ව සිටගන්නා දේශප්‍රේමියෙකු නොවේ.• ඖෂධ සමාගම් වලට අහිංසක මිනිසුන් විකුණන, ලෙඩ නිසා රෝගීන්ව ගසා කන වෛද්‍යවරුන් සමග එකට සිටගන්නා දේශප්‍රේමියෙකු නොවේ.
:::එසේ වුවද අප මහරාජාණන්ගේ මේ බෙදා දැක්වීම නිසා මෙතෙක් මා හා එක්ව කටයුතු කළ සදාදරණීය මිතුරු කැළ මගෙන් දුරස් කළ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් බහුතර සුළුතර බාධයකය දැන් ඉවත් කොට ඇත. ඔවුන් සහ මම දැන් එකම .........තරයකය. එකම පාර්ශවයකය. ඒ සිදුකලාවූ පින් බලෙන්මහින්දයානෝඉපැදෙන ඉපැදෙන ආත්මයක් පාසා නිවන් දැක බුදුන් දකිත්වා..........! සාදු සාදු සාදු
"මේ අවස්ථාව තුල ඇත්තේ පාර්ශවයන් දෙකක් පමණි. ඒ දේශප්‍රේමී සහ දේශද්‍රෝහීන්ය. ඒ අතරමැද අවස්ථාවක් නැත." - මහින්ද රාජපස්සමහින්ද මම ඔබේ නිර්වචනය තුළ මම දේශප්‍රේමියෙකු නොවේ (එසේ වීමට අවශ්‍යද නැත). මගේ නිර්වචනය තුල ඔබද දේශප්‍රේමියෙකු නොවේ.මේ අනුව එහෙටත් නැතිව මෙහෙටත් නැතිව දෙකටම නැමි නැමී සිටි ඔබටද පාර්ශවයක් තෝරාගැනීමට අනිවාර්ය කෙරෙන දේශප්‍රෙමී පාර්ලිමෙන්තු පණත ඉදිරියේදී සම්මත වීමට නියමිතය.

නැගඑන බෞද්ධ ගෝති%කවාදය අභියස
සිංහල බෞද්ධ අන්තවාදය රජයේ දැක්ම වුණු රටක දකුණේ සිටින අන් ආගම්වලට ජාතිවලට සෘජුවම තම මූලධර්මවාදී ආධිපත්‍ය පැතිරවීමට ක්‍රියාකිරීමේ ලක්ෂන නැවත වරක් පසුගිය සතිකිහිපය තුළ දක්නට ලැබුණි.
මෙහි එක් සිදුවීමක් වාර්තා වූයේ කොළඹට පිටිසර රක්වාන ප්‍රදේශයෙනි. එහිදී මුත්තුඅම්මාන් නම් කෝවිලේ වාර්ෂිකව හින්දු අළුත් අවුරුදේ පවත්වනු ලබන වාර්ෂික පූජාව ප්‍රදේශයේ ප්‍රබල සිංහල පිරිසකගේ සෘජු තර්ජන හා බලපෑම නිසා පවත්වා නොමැත. එකී පිරිස පවසා ඇත්තේ වෙසක් උළෙලින් පසු එකී පූජාව පවත්වන ලෙසටය. දැනගන්නට ලැබෙන ලෙසට වෙසක් උළෙලින් පසුව වුවද බියට පත් වීම නිසා මෙකී පූජාව පැවැත්වීමට කටයුතු කර නැත.
පසුගිය වෙසක් සමයේ රජයේ එක්තරා කුප්‍රකට ඇමතිවරයෙකු රාජතේජසින් මත්ව මහනුවර සියළු කඩහිමියන්ට බෞද්ධ කොඩි දමන ලෙසට තර්ජනය කර ඇත. විශේෂයෙන් මහනුවර බහුලව වෙළදාමේ නිරත මුස්ලිම් කඩහිමියන්ට මේ තර්ජනය කර ඇත. ඉන්පසුව ප්‍රදේශය භාර නියෝජ්‍ය පොල්ස්පතිවරයාද මේ තර්ජනය නැවත සිදුකර ඇත.
කතෝලික ක්‍රිස්තියනි ආගමික් භක්තිකයින් බහුලව වෙසෙන වැලිවේරිය නගරයේද ප්‍රදේශයේ අන්කවර තැනකටත් වඩා වෙසක් සැරසිලි කර තිබුණේ ආක්රමණික ස්වභාවයෙන් බව එහි පිවිසෙන ඕනෑම අයෙකුට දැකගත හැක.
පසුගිය සෙනසුරාදා හවස්වරුවෙහි පිටකොටුව නගරය සිංහ කොඩි වලින් සරසන ලෙස කඩහිමියන්ට පොලිසිය විසින් බලකර තිබුනි. එහිදී බහුලව වෙසෙන්නේ දෙමළ කඩහිමියන් වන අතර ඉන් අයෙකු ප්‍රකාශ කළේ තමන් තමන්ගේ නෑ හිතවතුන් හාමතේ මිය යන විට ෂෙල් ප්‍රහාර නිසා අතපය නැතිවන විට ජයගොෂා නගන්නේ කෙලෙසද යන්නයි. එහෙත් 1983දී මෙන් සිංහල බහුතරයෙන් එල්ලවිය හැකි තර්ජනය නිසා තමන් මෙම ජයඝෝෂා වලට සහාය දෙන බවද ඔහු පැවසීය.
සැබැවින්ම මේ අප අත්දකිනුයේ සිංහල බෞද්ධ මූලධර්මවාදයේ දෘෂ්‍යමාන යථාර්ථයයි. මෙය තවත් ව්‍යූහමය වශයෙන් ස්ථාපිත කරන කාරණයක් පසුගිය දා දැක ගත හැකිවිය. එනම් බස්නාහිර පළාතේ පළාත්සභා මැතිවරණයේන පත්වූ ඇමතිවරුන් අතර එකදු සුළු ජාතිකයෙකු වත් නොවීමය. විශේෂයෙන් කොළඹ, කළුතර මෙන්ම ගම්පහ දිස්ත්‍රික්ක තුළද සුළු ජාතිකයින් බහුලව ජීවත් වන අතර ඔවුන් වෙනුවෙන් බලය විහිදවීම මේ අනුව ඇණහිටිනි. ඒ වෙනුවට සුප්‍රසිද්ධ වර්ගවාදියෙකු ඇමති පුටුවකට පත්විය.
එක්තර පුවත්පත් වාර්තාවකින් කියවුනේ මෙවර සන්ධාන මන්ත්‍රී ලැයිස්තුවේ ජයග්‍රහණය කොට ඇත්තේ එක් සුළුජාතිකයෙක් පමනක් බවය.
කළ යුතු දේ පැහැදිලිය. ජැක්සන් ඇන්තනි මෙන් අන්සියලු ආගම් වල අය බෞද්ධකරණය විය යුතුය. සිංහල බෞද්ධයන්ට යටත්ව අනෙක් ආගම් පැවතිය යුතුය. බෞද්ධයින්ගෙන් අසා ඕනෑ දෙයක් කළ යුතුය. බුදුදහම විද්‍යාත්මක බව (දර්ශනයක්) පිළිගත යුතු අතර අනෙක් ආගම් අවිද්‍යාත්මක බව පිළිගත යුතුය. මේ කොන්දේසි වලට එරෙහි වන්නන් සිංහල දේශයෙන් පන්නා දමනු ඇත.
සියළු දෙනාටම තෙරුවන් සරණයි.................!

ජනතාවට නොමිලේ දෙන ආතල්
June 15, 2009
මර්වින් සිල්වා විසින් රටේ ජනතාවට නොමිලේ දෙන ආතල් වල අලූත්ම ආතල් එක මීට දින දෙක තුනකට පෙර කැළණිය විශ්ව විද්‍යාලය ඉදිරිපිටදී මාධ්‍ය වෙත නිකුත් කරන ලදි. සරසවි සිසුන් සහ අදාල ගම් ප්‍රදේශයේ වැසියන් අතර ඇතිවූ ගැටුමකදී රටේ කම්කරු අමාත්‍ය වරයා වන (ආචාර්ය යැයි කියාගන්නා) මර්වින් සිල්වා මෙයට මැදිහ ත් විය. අමාත්‍ය වරයා පමණක් නොව කැළණිය බෞද්ධ පුරපරයේ අහිංසක ළමයින් ටිකද පොලූ මුගුරු රැගෙන එතුමා වටේ සිට වචනයෙන් වචනයට විසිල් පිට විසිල් ගැසූහ.අප හැමෝම මේ පාර්ශයන් සියල්ලේම චර්යාව දැක ගත්තෙමු. නමුත් අප උත්සහ ගත යුත්තේ මේ පාර්ශවයන් එකිනෙකෙහි අවශ්‍යතාවය නිශ්චය කර

අපව ගොන්පාට්කර අපටම විකිනීම
"මෙතෙක් අන් අය කළ දේ බැලූ ඔබ, හෙට ඔබම කළ දේ නරඹන්න"
සිරස සුපර් ස්ටාර් තෙවන වටයේ වැඩසටහනක් අවසානෙය්දී නිහාල් වික්‍රම එදිරිසූරිය විසින් මේ සදහන් කරනුයේ අනුන්ගේ ගොන්පාට් රසවිදි අපට තමන්ගේ ගොන්පාට් හෙට දිනයේදී බලන්නට එන ලෙස කෙරෙන්නාවූ සමච්චල් සහගත ආරාධනයයි.
ගීත තරගයකින් ලොවම දිනන්නට කතා කරන සිරස දැන් ඒ ජයග්‍රහණයේ බලාපොරොත්තුව වෙනුවෙන් ගොන්පාට් කරන ලාංකික තම ප්‍රේක්ෂක පිරිස ගොන්පාට් වන ආකාරය නැවතත් තම ප්රෙක්ෂකයින්ටම පෙන්වා සතුටු වන ආකාරය විකුණමින් සිටී.
තමන් විසින් ගොන්පාට් කරවමින් සිටි තම ඉලක්ක ගත පිරිස හොදින් ගොන්පාට් සිදුකරන බව කාලානුරූපීව දැනගත් සිරස ඔවුන්ගේ සියළු ගොන්පාට් සදහා වේදිකාවක් සකසා දීමට තරම් කාරුනික වී තිබේ. එය රූපවාහිනියේ ජනප්‍රියතම වැඩසටහන බවට පත් වීමටද බොහෝ ඉඩකඩ තිබේ.
ලක්ෂ ගණනක කකුල් දෙකේ හරක් රැළ දැක්කීම සදහා සිරසු සුපර් ස්ටාර් කිරුළ නැමැති ඇම දමන විට ඒ ඇම ගිලීම සදහා මේ රැළ ගොන්පාට් කෙලින්න පටන් ගෙන ඇත. සැබැවින්ම සිරසේ නවමත මාකට් එක, අරමුණ මෙකී ගොන්පාට්ය.
මේ ක්‍රියාවලිය තුළ දේශපාලනික පැහැදිලිකීරීම් කිහිපයක් සිදුකරගත හැක.
1. වසර 2500කටත් වඩා එහා ගිය උරුමයකින් ගොඩනැගී යැයි කියන බහුතර ජනතාව ගොන්පාට් පිරිසක් බව, එනම් යුද්ධයට අත්පුඩි තලන (මට අනුව සිරසේ ගොන්පාට් වන්නන් යුද්ධයට අත්පුඩි තලන්නන්ගේ උපකුලකයකි) දේශප්‍රේමී සිංහල බහුතරය සිරස වෙනුවෙන් ගොන්පාට් වන්නන්ය. සීනිබෝලයක් වෙනුවෙන් තම ආත්මය පාවා දෙන්නන්ය.
2. සිරස හොදත් කරනවා, නරකත් කරනවා, ඔය දෙකම හොදටම කරනවා යැයි පුටුවක් උඩට වී කකුල් හොලවමින් කියූ පැත්තක් නැති ගෙම්බන්ට දැන් සිරසෙන්ම පැහැදිලි කර දී ඇත්තේ තමන් අම්මා , තාත්තා පමණක් නොව සනුහරේ වුවද විකුනාගෙන කෑමට සූදානම් පිරිසක් බවයි.
ඉහත කරුණ තවත් පුළුල් අර්ථයකින් ගතහොත් ලිබරල් ආර්ථිකයේ අදුරු මුහුනුවර සිරස මගින් තවත් හොදින් ප්‍රකාශකරන බවයි. එය ඒකේ හොදත් තියෙනවා නරකත් තියෙනවා යැයි මග අරිමින් සිටි පිරිසට දේශපාලන සමාජ වෙනසකට එක් වීමට බලකරනු ලබයි.
අපේම අයියලා, අක්කලා, නංගිලා , මල්ලිලා පමණක් නොව වැඩිහිටියන්ද ගොන්පාට් කරන විට අප ද ඉන් වින්දනයක් ලබමු. අප සිනාසෙනුයේ අපගේම පිරිසට බව, සමාජ පංතියට බව ඔබට නොවැටහෙන්නේ මන්ද?
භාතිය සන්තුෂ්ලා, ඉරාජ් රනිදුලා මෙන්ම අහසෙන් වැටෙන කොළඹ හතේ කොල්ලන්ට එම් එන්ටර්ටේයින්මෙන්ට් නොමිලේ තරු බවට පත්කරන විට ඊට යට පන්තියේ සිටින අපට තරු බවට පත්වීමට නම් ගොන්පාට් කළ යුතු යැයි මහාරාජා විසින් රැග් කරනු ලබයි. පිරිසකට නොමිලේ ප්රචාරයත්, පිරිසකට ආත්ම අභිමානය පාවාදීමටත් බලකරන මේ ක්‍රියාවලිය කුමක්ද?
සිරස, භාතිය සන්තුෂ්ලා, අජිත බංඩාර ලා සමස්ත ව්‍යූහයේ සංකේතයන් පමණි. සන්ලයිට්, ඩයලොග්, ඇන්කර්, සෙලින්කෝ, කීල්ස් ඇතුළු එකී මෙකී නොකී සියළු පාර්ශව අනියමින් හෝ නිශ්චිත බහුතරයක් කවර ආකාරයකින් හෝ ගොන්පාට් කිරීමක් සිදු කරමින් සිටිති. එය සංස්කෘතිය, සදාචාරය, පාරිභෝජනවාදය, ආත්මාර්ථය ට මුලා වී තව දුරටත් මගහරිමින් සිටිනවාද? ඔබ විසින් මේ තත්ත්වය තේරුම් ගැනීමම ඉතිහාසය වෙනස් කිරීමේ මූලික පියවරයි.

සෞන්දර්යේ නිම් ඉම් සොයා
සමාජයේ ඇති සියළු ප්‍රපංචයන්හි සිදුවන සියළු ක්‍රිකාරකම් සමස්ත සමාජ ක්රියාකාරීත්වයෙහි අතුරුඵලයක් මිස ඉන් වියුක්ත වන්නක් නොවේ. පසුගිය කාලයේ අප විසින් ලංකාවේ විද්‍යුත් මාධ්‍ය වැඩසටහන් පිළිබද විවිධ අදහස් පළකළේ ඉල්ලුම සැපයුම මිල යාන්ත්‍රණය මත ක්‍රියාත්මක වන පුද්ගලික අංශයේ මාධ්‍ය යන් තුලින් වන නිශේධනාත්මක ප්රතිඵලයන් පිළිබදය.සුභසාධන ආර්ථිකයක සිට ක්‍රම ක්‍රමයෙන් ලිබරල්වාදී ආර්ථික බූවල්ලාට හසුවෙමින් පවතින ලංකාවේ රාජ්යන මාධ්‍ය පවතින ආණ්ඩුවේ බලපෑමත්, පරිපාලනය සියයට සීයයක් ලාභ උපරිම කිරීමේ ක්‍රියාවලිය අරමුණු කොට නොගත් නිසාත් ප්‍රාග්ධන තර්කනයේ නියමයන්ට හසු නොවූ වැඩසටහන් ස්වල්පයක් තව දුරටත් රූපවාහිනිය තුළ ඉතිරිව ඇත.රූපවාහිනී මාධ්‍ය තුල බටහිරින් බිහිවූ නවමු විකුණුම් සංකල්පයක් වූ Reality TV ක්‍රමයෙන් ලාංකික රූපවාහිනිය තුලට නොයෙකුත් ආකාර වලින් පැමිණෙන විට රාජ්‍ය රූපවාහිනියද මෙය විවිධාකාරයෙන් අවශෝෂනය කර ගැනීමට උත්සාහ කළ අතර එහි නවතම උත්සාහය Sri Lankan Life ලෙස ඉදිරිපත් වේ.ගායනය හා වාදනය යන ඉසව් වල තරගාවලියක් ලෙස පවතින මෙහි ගායනය ඉසව්ව රියැලිටි ආකෘතිය දක්වා නොගිය සම්ප්‍රදායික ගීත තරගාවලියක් වන අතර යම් පූර්ව තෝරාගැනීමකින් පසුව තරගය සදහා සම්ප්‍රදායික ගීත ඉදිරිපත් කරනු ලබයි.මාගේ නිරීක්ෂනයට අනුව ශ්‍රී ලාංකික විද්‍යුත් මාධ්‍ය ජනප්‍රිය වැඩසටහන් අතුරින් මෑත කාලයේ ශ්‍රී ලාංකික සංස්කෘතික ප්රගමනය සදහා වඩාත්ම බලපෑමක් කළ ඉසව්ව ලෙස දැකගත හැක්කේ Sri Lankan Life හි වාදන තරගකරුවන් අතර පැවැත්වෙන තරගයයි.ඉන්දියානු රාගධාරී සංගීතයේ ස්වර අතර හිරවෙමින් ගයන ගායකයින් අතර වඩා ගවේෂණශීලි වූ වාදකයින් සැබෑ කොටම දියුනු සංස්කෘතියක් ජීවිතයක් හිමි ලාංකිකයෙකු පහළ වීමේ පූර්ව පෙරනිමිති පහළ කරයි.කේමදාස මාස්ටර් විසින් එළිපෙහෙළි කරන ලද සංගීතයේ නිම්වලළු තව තවත් ව්‍යාප්ත කළ නදීක ගුරුගේ, අජිත් කුමාරසිරිලාට පිස්සන් යැයි කියන චක්රබ්ලාස් විශ්වවිද්‍යල ඔළු සහිත සංස්කෘතික විවෘතභාවයට බිය ලාංකිකයින්ගේ සීමා පුළුල් කිරීමට දක්වනු ලබන මෙම උත්සාහය පැසසිය යුතුය.ලංකාවේ සිව්දෙස විසිරී සිටින සංගීත භාණ්ඩ වාදකයින් යම් යම් අත්හදාබැලීම් සිදුකරමින් ක්ෂේත්රයේ සිටින තරුණ ජවය රටට ඉදිරිපත් කිරීම බලාපොරොත්තු උපදවන සුළුය.ඉල්ලුම් සැපයුම් න්‍යායට අනුව බස් අජිත්ලා, කිංග්ස්ලිලා, භාතිය සංතුෂ්ලාට හිරවෙමින් පවතින ලාංකික සංගීතයට නවමු මුහුණුවරක් ඉදිරිපත් කළ රූපවාහිනියේ උත්සාහය අගය කළ යුතුය.රැකියා නොකරන ගෘහනියන්ට නිවසේ ජීවත් වන හැටි කියා දීමට නුගසෙවණ ද, රන්දෙපැය වෙනුවෙන් විකල්ප මෙහා නාට්‍යය ඉදිරිපත් කරමින් වෙළදපොළ තරගයට ඉදිරිපත් වූ රූපවාහිනිය තුළ සුරම්‍ය රාත්‍රිය, Sri Lankan Life වැනි උත්සාහයන් ප්‍රාග්ධන තර්කනයට බිලිවීමට මොහොතකට පෙර බිහිවූ නිර්මාණයන් වන්නේ මෙකී වැඩසටහන් වලින් ලබන ලාභය අඩුවූ සැනින් මේවා සදහා නැවතීමේ තිත තැබෙන බැවිනි.එතැනින් පසු සම්භාව්යා සංගීතය මිල යාන්ත්‍රණය යටතේ අඩු ප්‍රේක්ෂක පිරිසක් ඉලක්ක කොටගත් ඉහළ මිලකින් යුතුවීම වලක්වනු නොහැක. (චිත්‍ර කලාව දැන් මේ තත්ත්වයට පත්ව ඇත)හදගමලා , විමුක්තිලා ගෙනා නවමු සිනමාව දරාගත නොහැකි ලාංකික බල අධිකාරයන් එකී නිර්මාණ කරුවන් ද්‍රෝහීන් ලෙස හංවඩු ගසන විට සියළු බාධක දරාගෙන ශක්තිමත්ව නැගී සිට ප්‍රේමසිරි කේමදාස නම් වූ අසහාය පෞරුෂය සිය සතුරන් තමන් ළග දණ ගැස්සවීමට සමත් විය. තමන් විසින් දායාද කළ අපූර්වතම නිර්මාණ හැරුණුකොට හෙළිපෙහෙළි කරදුන් මාර්ගයේ යෑමට සුදානම් ලංකාවේ සිව්දෙසින් සුසැදි දැනුමෙන් සන්නද්ධ තාරුණ්‍යය දුටුවානම් ඔහු අහිංසක සතුටක් ලබනු නොඅනුමානය.තත්ත්වයන් හරිහැටි තෙරුම් නොගත් රූපවාහිනියේ මෙකී වැඩසටහන නිෂ්පාදකයන් SMS මගින් වාදන තරගකරුවන් තේරීමේ ක්‍රියාව තරගකරුවන්ට සිදුකරන අසාධාරණයක් මෙන්ම වැඩසටහනේ තත්ත්වයද පළුදු කරනු ලැබුවද මෙහි සිටින වාදකයින්ගේ දක්ෂතාව හේතුකොට එම කරුණු යම් තාක් මකා දමනු ලබයි.එක් පසෙකින් ශ්‍රී ලාංකික ඉතිහාසයේ දරුණුතම මූලධර්මවාදය ක්‍රියාත්මකව පවතින යුගයක සංගීතය, සිනමාව, සාහිත්‍ය වැනි සකලවිධ කලාවන් තුලින් මූලධර්මවාදයන්ට එරෙහි ප්‍රතිරෝධය සුබවාදී හැගීමක් ඇති කරයි.සෞන්දර්යේ නිම් ඉම් සොයා යන ඔබට Sri Lankan Life මගහැරුණේ නම් ඉරිදා රාත්‍රී 9.05ට පමණ ජාතික රූපවාහිනිය නරඹන්න.
Subscribe to:
Posts (Atom)